මුජබර් රහුමාන්ගේ නම වික්ක සැකකරුවකු අල්ලයි


Mujibar-Rahuman_english

කොළඹින් අධි සුඛෝපභෝගී ගෙවල් දෙන බව පවසා කොළඹ දිස්ත්‍රික් (එජාප) පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමන් මහතාගේ නම විකුණමින් කෝටි ගණන් මුදල්  වංචා කළ බව කියන පුද්ගලයෙක් කෙසෙල්වත්ත පොලිසිය විසින්   අත්අඬංගුවට ගනු ලැබීය.

මොහු අත්අඬංගුවට ගෙන ඇත්තේ මුජබර් රහුමන් මනිත්‍රීවරයා කළ පැමිණිල්ලක් පිළිබඳව විමර්ශන පැවැත්වීමෙන් පසුව යැයි කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරියෙක්  පැවසීය.

සැකකරු අලුත්කඩේ බණ්ඩාරනායක මාවතේ පදිංචිකරුවෙකි.

මොහු කලක් තිස්සේ මේ අයුරින් මුදල් වංචා කර ඇති බවටත් කෙසෙල්වත්ත ප්‍රදේශයේ පුද්ගලයන්ට පමණක් රුපියල් ලක්ෂ 50 කට වැඩි මුදලක් වංචා කර ඇති බවටත් විමර්ශනවලදී තොරතුරු හෙළවිඇතැයි  පොලීසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*