පැරා ඔලිම්පික් පදක්කම නුලේන් ගිලිහේ


Athletics

රියෝ පැරා ඔලිම්පික් කී‍්‍රඩා උළලේ ටී 42, 47 කාණ්ඩයේ මීටර් සියය පිරිමි සහාය දිවීමේ ඉසව්වෙන් 4 වන ස්ථනය දිනා ගැනීමට ශී‍්‍ර ලංකාව සමත් වුනා.

මෙම තරගය සදහා උපුල් ඉන්දික චූලදාස, දිනේෂ් පි‍්‍රයන්ත හේරත්, අනිල් ප‍්‍රසන්න ජයලත් සහ අජිත් ප‍්‍රසන්න කුමාර ශී‍්‍ර ලංකා කණ්ඩායම නියෝජනය කරමින් තරග වැදුණ අතර තත්පර 47.12 තරගය නිමා කිරිමට සමත් වු අතර තත්පර 44.16 ක කාලයකින් තරගය නිමාකල ජපානය තෙවන ස්ථානය දිනා ගත්තා.

ඒ අනුව ශී‍්‍ර ලංකාවට මෙම තරගයේ ලෝකඩ පදක්කම ගිලිහී ගියේ තත්පර 3 ක් වැනි කෙටි කාල පරතරයකින්. ජර්මනිය රන් පදක්කමත්, බ‍්‍රසීලය රිදි පදක්කමත් දිනාගත්තේය.

කෙසේවෙතත් මුලින් ප‍්‍රකාශ වුයේ රන් පදක්කම අමෙරිකාව විසින් දිනාගත් බව වුවත් තරගය අතරතුර ඔවුන් විසින් තාක්‍ෂණික වරදක් සිදුකර ඇතැයි පසුව හෙළි විය.ඒ අනුව.ඔවුන්ගේ ජයග‍්‍රහණය අවලංගු කර නව ප‍්‍රතිඵලය නිකුත් කෙරුනා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*