maxwell තාක්ෂණය අතින් දුර්වලම පිතිකරුවෙක්


MAXWEEL

නිමාවූ විස්සයි විස්ස තරගයේදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩක මැක්ස්වෙල්ගේ විශිෂ්ට ලකුණු රැස් කිරීමට හේතු වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දුර්වල සැලසුම් බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පවසයි. සේව් ස්පෝර්ට්ස් ක්‍රීඩා සංවිධානය ඉදිරිපත් කළ සේව් ද ස්පෝර්ට්ස් මාසික ක්‍රීඩා සංවාදයට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.

“මැක්ස්වෙල් කියන්නේ තාක්ෂණය අතින් දුර්වලම පිතිකරුවෙක්. ඔහුට ලකුණු රැස් කිරීමට හැකි වුණේ අපේ සැලසුම්වල දුර්වලතා නිසා. ඔහුට ආරක්ෂාකාරීව පන්දුවට පහර දෙන්න බැහැ. එහෙම තිබෙද්දී අපි දග පන්දු යැව්වා. ස්ලිප් ක්‍රීඩකයින් දෙදෙනකු යොදවලා වේගපන්දු යැව්වා නම් අපිට මැක්ස්වෙල්ව දවා ගන්න තිබුණා…”

යැයිද හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පැවසීය. එම විඩියෝව පහත දැක්වේ…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*