ඉතා ක්‍රමාණුකූල විදියට අපි අපේ රටේ ක්‍රීඩාව ඉහල තැනකට ගේන්න අඩිතාලම දාලා තියෙන්නේ


DAYASIRI_JJ

 

මම සුසන්තිකා ජයසිංහ මහත්මියට නියෝග කලා ඔලිම්පික් පුහුණු සංචිතයක්, ආසියාණු පුහුණු සංචිතයක් හා ජාතික පුහුණු සංචිතයක් හදන්න කියලා. ඒ සියළු දෙනා අමාත්‍යාංශය විදියට අපි බලා ගන්නවා. ඉතා ක්‍රමාණුකූල විදියට අපි අපේ රටේ ක්‍රීඩාව ඉහල තැනකට ගේන්න අඩිතාලම දාලා තියෙන්නේ යැයි ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළෙය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ කොළඹදී පැවැත්වීමට නියමිත 2016 දකුණු ආසියාණු ජල ක්‍රීඩා තරගාවලිය පිළිබද 2016.10.11 වන දින ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

අමාත්‍යවරයා එහිදී තව දුරටත් අදහස් දක්වමින්,

දැන් කාලය ඇවිත් රටේ පිහිණුම් ක්‍රීඩාව ඉදිරියට ගේන්න. සෑම දිස්ත්‍රික්කයකම පිහිණුම් තටාක ඉදිකරලා සියළුම පාසල් ඒ සදහා යොමු කරන්න වැඩපිළිවෙලක් සකස් කරගෙන යනවා. පළාත් ක්‍රීඩා සංකීර්ණ තුල මෙන්ම පාසල් තුල ඉදිවෙන පිහිණුම් තටාක හරහා විදේශ පුහුණුකරුවන් සහභාගී කරගෙන තරගාවලි සදහා අපේ දරුවන් පුහුණු කිරීම අපි ආරම්භ කරනවා. ජාතික ජල ක්‍රීඩා සංගමය මේ සදහා මූලිකත්වය ගෙන කටයුතු කරගෙන යාම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ග්‍රාමීය මට්ටමේ දරුවන් ඉදිරියට අරගෙන පිහිණුම් තරඟ සදහා පුහුණු කිරීම ඉතා වැදගත්.

තරඟාවලියකදී මලල ක්‍රීඩා ඉසව් 37 ක් සමග පිහිණුම් තරඟ ඉසව් 38 ක් තිබෙනවා. රටක් විදියට පදක්කම් සටහන ඉහල දැමීමට අපි පිහිණුම් ක්‍රීඩාව සදහා අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල වශයෙන් පුහුණු කර ජයග්‍රහණ ලබා ගත යුතුයි. ඒ සදහා මෙම දකුණු ආසියාණු ජල ක්‍රීඩා ශූරතාවලිය ලොකු ශක්තියක්, පිටුවහලක් වෙයි කියලා මම විශ්වාස කරනවා.

සියළු ප්‍රදේශවල දරුවන්ට මම ආරාධනා කරනවා ජල ක්‍රීඩා සංගමය සමග එකතුවී පුහුණුවීම් කරන්න කියලා. අලුතින් ක්‍රිඩා තරු බිහි කරන්න ඔවුන්ට ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.2020 ඔලිම්පික් තරගාවලිය සදහා මෙය හොද ආරම්භයක් වේවි.

මම සුසන්තිකා ජයසිංහ මහත්මියට නියෝග කලා ඔලිම්පික් පුහුණු සංචිතයක්, ආසියාණු පුහුණු සංචිතයක් හා ජාතික පුහුණු සංචිතයක් හදන්න කියලා. අපි ඒ සියළු දෙනා අමාත්‍යාංශය විදියට බලා ගන්නවා. ඉතා ක්‍රමාණුකූල විදියට අපි අපේ රටේ ක්‍රීඩාව ඉහල තැනකට ගේන්න අඩිතාලම දාලා තියෙන්නේ.

මම සියළු මාධ්‍යවලින් ඉල්ලනවා මෙවැනි අවස්ථා රටට පෙන්නලා අපේ දරුවන් ක්‍රීඩාව කෙරෙහි නැඹුරුකරවීමට හොද ප්‍රචාරයක් ලබා දෙන්න කියලා.

අපි ක්‍රීඩා අමාත්‍යාංශය විදියට සියළුම යටිතල පහසුකම් නවීන ආකාරයට අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබා දීමට කටයුතු කරනවා. ඒ වගේම ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමටත් අපි වගබලා ගන්නවා.

14556779_10154520367893080_6939169938104500110_o 14692205_10154520372133080_9114941145436553335_o

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*