රාජිත කියන්නේ බොරු,එක ජනතාව දන්නවා


MR_Hasalaka_D

ඩුබායි ගිණුම ගැන පරීක්ෂණ ආරම්භ කිරීම සඳහා දිනක් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවීමට පැමිණි බවත්, ඇය ගොස් පැයක් විතර යද්දී මහින්ද රාජපක්ෂ මහතාගෙන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ආ බවත්, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ කැබිනට් මාධ්‍ය හමුවේදී කල ප්‍රකාශය  සම්පූර්ණයෙන් අසත්‍ය බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කොළඹ අද පැවැති උත්සවයකට සහභාගි වූ හිටපු ජනාධිපතිවරයා සදහන් කළේ “රාජිත ඇමතිතුමා කියන දේවල් බොරුද කියලා ඇත්තද මේ රටේ ජනතාව මට වඩා හොඳින් දන්නා ” බවයි.

කාර් එකට ටයර් 4ක් ගන්න, ගේ ඉල්ලලා ජනපති මෛත්‍රිපාල සිරිසේනට කතා කළ නමුත් එවැනි දෙයකට කිසිසේත් කතා නොකළ බවයි.තමන්ට විදේශ රටක ඇතැයි කියන අමෙරිකානු ඩොලර් බිලියන 18 සොයාගෙන ලෙඩ්ඩුන්ට සහනයක් දෙන ලෙසත්, වැට් ගසා ඔවුන් පීඩාවට පත්නොකරන ලෙසත් හිටපු ජනපති එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

ඩුබායි ගිණුම ගැන පරීක්ෂණ ආරම්භ කිරීම සඳහා දිනක් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවීමට පැමිණි බවත්, ඇය ගොස් පැයක් විතර යද්දී මහින්ද රාජපක්ෂ මහතාගෙන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ආ බවත්, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගිය (19) වැනිදා අනාවරණය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*