‘විසුම්පාය’ කුඩා හෝටලයක් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය


Wisumpaya_20_10

කොළඹ යුනියන් පෙදෙසෙහි පිහිටි විසුම්පාය මන්දිරය උසස් තත්ත්වයේ පහසුකම් සහ සේවා සැපයෙන කුඩා හෝටලයක් බවට පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. අමාත්‍ය පාඨලී චම්පික රණවක ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව, එම ගොඩනැඟිල්ල, ඉහළ මට්ටමේ සංචාරකයන් හා සුවිශේෂි අමුත්තන් ඉලක්ක කරගනිමින් නවාතැන් පහසුකම් ඇතුළු උසස් තත්ත්වයේ සේවා සපයනු ලබන සුවිශේෂ අනන්‍යතාවයකින් යුත් කුඩා හෝටලයක් (Boutique Hotel) ලෙස සංවර්ධනය කර කළමනාකරණය කෙරෙනු ඇති.

යටත් විජිත සමයේදී ලංකා රයිෆල් රෙජිමේන්තුවේ නිලධාරින්ගේ භෝජනාගාරයක් වශයෙන් ඉදි කරන ලද දෙමහල් ගොඩනැඟිල්ලක් වන ‘ඇක්ලන්ඩ් හවුස්’ (විසුම්පාය) ගෙඩනැඟිල්ල මේ වන විට ක්‍රමයෙන් දිරාපත් වෙමින් පවතින අතර, එහි පෞරාණික වටිනාකම ආරක්ෂා වන පරිදි ප්‍රතිසංස්කරණය කිරීමේ සහ නවීකරණය කිරීමේ කටයුතු සිදු කිරීම අවශ්‍යව ඇතැයි රජය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*