දකුණු ආසියාවේ පළමු හා එකම හරිත සරසවිය විවෘත වේ


NSBM_MS

දකුණු ආසියාවේ පළමු හා එකම හරිත සරසවිය වන අතිනවීන අංගසම්පූර්ණ පහසුකම්වලින් සමන්විත හෝමාගම, පිටිපන ඉදිකෙරුණු NSBM හරිත සරසවිය ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (26) පෙරවරුවේ විවෘත කෙරිණි.

සිසුන් තිස් දහසකට එකවර අධ්‍යාපනය ලැබිය හැකි වන පරිදි හෝමාගම පිටිපන අක්කර 26 ක භූමිභාගයක් පුරා හරිත සරසවිය ඉදිකර තිබෙන අතර ඊට වැය කර ඇති මුදල රුපියල් බිලියන 10 කි.

නවීනතම දේශන ශාලා, පරිගණක විද්‍යාගාර, ශාරීරික අභ්‍යාස මධ්‍යස්ථාන, ගෘහස්ත ක්‍රීඩාගාර, ක්‍රීඩාපිටි, පිහිනුම් තටාක, ශිෂ්‍ය කේන්ද්‍ර මධ්‍යස්ථානයක්, අංග සම්පූර්ණ රඟහලක් හා ශ‍්‍රවණාගාරයක්, එළිමහන් රංග පීඨයක් ඇතුළු විශ්වවිද්‍යාලයක් සතු විය යුතු සියලු අංගයන්ගෙන් හරිත සරසවිය සමන්විතය.

සමරු ඵලකය නිරාවරණය කර සරසවිය සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ප‍්‍රකාශ කළේ හරිත සරසවිය මේ රටේ අධ්‍යාපනයේ නව පරිවර්තනයක් මෙන්ම නව ගමනක ප‍්‍රවේශයක් සනිටුහන් කරනු ඇති බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*