මොහොත්තුවාරම් එගොඩත් මෙගොඩත් ගං යා කරනා පාලම් නොමැති  සංචාරක පුරය.


PUTHLAMA_D

කල්පිටිය අර්ධද්වීපයට අයත් මොහොත්තුවාරම දූපත සහ තුරෙඅඩිය යා කරන පාලමක් නොමැතිකමින් කලපු තීරය ඔස්සේ බෝට්ටු යාත්‍රා ආධාරයෙන් එගොඩ මෙගොඩ වීමට සිදුව තිබීම නිසාවෙන් දිනකට බොහෝ පිරිසක් දැඩි අපහසුතාවයට ලක්ව ඇති බවට ජනතාව මැසිවිලි නගති.

කල්පිටිය අර්ධද්වීපයට අයත් දූපත් වලල්ලේ දූපත් වළළු හත අතරින් මොහොත්තුවාරම දූපතට හිමිව ඇත්තේ සුවිශේෂ ප්‍රමුඛස්ථානයකි. මන්ද එක් පසෙකින් සුන්දර වූ කලපු තීරයකින්ද තවත් පසෙකින් මහ සයුරෙන්ද වටව ඇති මෙම දූපත සිය වාස භුමිය බවට අත් පත් කරගෙන ඇති බහුතරයකගේ ප්‍රධාන ජීවනෝපාය වී ඇත්තේ ධීවර කර්මාන්තයයි. මෙසේ ධීවර කර්මාන්තයේ යෙදෙන්නන් බොහෝ පිරසක් සාම්ප්‍රධායික සුළු පන්න ධීවරයින් වන අතර, ඉන් සෙසු පිරිසක් යාන්ත්‍රික ආම්පන්න භාවිතයේ යෙදෙමින් සිය රැකියාවේ නිරතවන්නන් බවට පත්ව සිටිති.

තවත් පසෙකින් මෙම මොහොත්තුවාරම දූපත මේ වන විටත් සංචාරක පුරවරයක් බවට රජය විසින් පත් කොට තිබිම සතුට උපදවන්නක් පමණක් නොව මෙරට දේශිය හා විදේශිය සංචාරක කර්මාන්තය නගා සිටුවීමත් දෙස් විදෙස් සම්බන්ධතා ගොඩනැංවීමත් මෙහි තවත් ප්‍රථිඵලයක් බවට පත්ව තිබේ. මේ වන විට අක්කර දහස් ගණනකින් සමන්විත සංචාරක කර්මාන්ත පුරයක් බවට පත්ව ඇති මෙම දූපත නැරඹීම සදහා දිනකට විදේශිය සංචාරකයින් 200ට ආසන්න පිරිසක් මෙහි පැමිණෙන බව කියයි. විදේශිය සංචාරකයින් 1000ට ආසන් පිරිසක් මෙහි පැමිණෙන බව කියයි.

කල්පිටිය ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ අංක 633 ඩජ්බේ ග්‍රාම නිළධාරි වසමට අයත්   මොහොත්තුවාරම දූපතෙහි සමස්ථ වපසරිය ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ අක්කර 5600ක් පමණ වන අතර, දිගින් කිලෝ මීටර් 14ත්, පළලින් කිලෝ මීටර් 3ට ආසන්න භූමි ප්‍රමාණයකින් සමන්විත මෙහි සමස්ථ වශයෙන් පවුල් 800කට ආසන්න පිරිසක් පදිංචිව සිටින බව කියති.

තවද, මෙම දූපතේ වසර 525ක ඈත අතීතතයකට හිමිකම් කියන ඉපැරණි ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ ප්‍රතිමාවක් පිහිටා තිබීම තවත් සුවිශේෂි විශේෂත්වයක්ව තිබේ.

මෙහි පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා වූ පාසලක් ගම්මානය තුල පැවතුනද ද්විත්‍රික අධ්‍යාපනය සදහා බහුතරයක් ළමුන්ට මොහොත්තුවාරම දූපතේ සිට කල්පිටිය දක්වා යාමට සිදුව තිබෙන බවත්, මෙම සිසුන් අළුයම 5.00ට පමණ නිවෙස් වලින් පිටත් වී තොටුපලට පැමිණ අනතුරව බෝට්ටු යාත්‍රා ආධාරයෙන් එගොඩ වන බව කියයි.

මෙම ගම්මානයේ වැසියන් මුහුණ දී ඇති අවාසනාවන්තම ඉරණම බවට පත්ව ඇත්තේ වසර 50ක පමණ සිට තමන්ට ගමන් කිරීමට නිසි පාලමක් නොමැතිකමයි. දේශපාලඥයින්ද පොරොන්දු පිට පොරොන්දු දුන්නද මේ වන විටත් තමන්ට ගමන් කිරීම සදහා මොහොත්තුවාරම සහ තුරෙඅඩිය එගොඩ මෙගොඩ යා කරන පාලමක් ඉදි නොකර තිබීම නිසාවෙන් තමන් දැඩි අසීරුතාවයකට ලක්ව ඇති බව කියති.

උදෑසන 6.00 සිට සවස 6.00 දක්වා කල්පිටිය ප්‍රාදේශිය සභාව මගින් මිළ ගණන් කැදවා ලක්ෂ තුනකට ආසන්න මුදලක් යටතේ ටෙන්ඩර් කරනු ලැබූ එක්  බෝට්ටු යාත්‍රාවක් මගින් ප්‍රවාහන පහසුකමක් සපයා දී තිබුණද, එයද තමන්ට අවශ්‍ය වේලාවට නොපැමිණිමත්, රාත්‍රි කාලයේ  මෙම සේවාව තමන්ට නොලැබෙන නිසාවෙන් මානූෂිය ලෙසත්, ශාරීරික ලෙසත්  බොහෝසෙයින් බොහෝ පිරිසක් දැඩි ලෙස අසීරුතාවයට ලක්වන බව කියයි.

ඒ අනුව ගැබිණි මාතාවන්, වයෝවෘද්ධයින්, ළදරුවන් මෙන්ම පාසල් දරුවන්ට රාත්‍රි කාලයේ ඇතිවන රෝගා බාධායන්වලදී එගොඩ මෙගොඩ වීමට නොහැකිව යාම බරපතල ලෙස තමන් මුහුණ දී ඇති ගැටළුවක් බවයි ජනතාව පෙන්වා දෙන්නේ.

සටහන සේයා රූ

පුත්තලම කේ.ප්‍රියංකර

0562 (2) 0562 (7) 0562 (12) 0562 (15) 0562 (22) 0562 (37) 0562 (82) 0562 (110) 0562 (117) 0562 (215) 0562 DSC_0040 DSC_0250

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*