සංහිඳියා පිළිවෙත වෙනුවෙන් ශී‍්‍ර ලංකාවේ කැපවීම ඉතා ප‍්‍රශංසනීයයි


BB_MS

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ධූරයෙන් නික්ම යන බෑන් කී මුන් මහතාගෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත ඊයේ (22) පස්වරුවේ දුරකථන ඇමතුමක් ලැබි තිබේ.

සිය ධූරයෙන් නික්ම යාමට මත්තෙන් ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයා ඇමතූ බෑන් කී මුන් මහතා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් ශී‍්‍ර ලංකාව සමාජ, ආර්ථික, දේශපාලන සියලු ක්ෂේත‍්‍රයන් තුළ ලබා ඇති ප‍්‍රගතිය ඇගයීමට ලක් කර තිබේ.

එමෙන්ම සංහිඳියා පිළිවෙත වෙනුවෙන් ශී‍්‍ර ලංකාවේ කැපවීම ඉතා ප‍්‍රශංසනීය බව ද ඔහු සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය එකකය සදහන් කළේ.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ලෙස කටයුතු කළ සිය ධුර කාලය තුළ ශී‍්‍ර ලංකාව නව ගමන් මගකට ගෙන ඒමට මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා කළ කැපවීම අගය කළ මහලේකම්වරයා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් ශී‍්‍ර ලංකාව ඉදිරියේදී තවත් ජයග‍්‍රහණ රැසක් අත්කර ගනු ඇති බව ද සඳහන් කර හිබේ.

ධුරයෙන් නික්ම ගිය ද ශී‍්‍ර ලංකාවේ ඉදිරි කටයුතු වෙනුවෙන් ලබා දිය හැකි සෑම සහයක්ම ලබාදෙන බවට ද බෑන් කී මුන් මහතා සහතික විය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා ලෙස බෑන් කී මුන් මහතා නිරන්තරයෙන් ශී‍්‍ර ලංකාවට ලබා දුන් සහය මෙහිදී අගය කළ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා එතුමා වෙත සිය ශුභාශිංසන පිරිනමා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*