සීමා නිර්ණය කිරීමේ කොමිෂන් සභා වාර්තාව ලබන 27 දා


Election_Point_D

නව මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ කොමිෂන් සභා වාර්තාව ලබන 27 වැනිදා නියත වශයෙන්ම පළාත් පාලන අමාත්‍යාංශයේ ‍ලේකම්වරයාට භාර දෙන බව එහි සභාපති අශෝක පීරිස් මහතා පවසනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සහ සීමා නිර්ණය කිරීමේ කොමිෂන් සභා නියෝජිතයන් අතර ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකදී අශෝක පීරිස් මහතා මේ බව සඳහන් කර තිබේ.

මෙහිදී මහින්ද දේශප්‍රිය මහතා ඔවුන්ට පවසා ඇත්තේ තවදුරටත් සීමා නිර්ණ කොමිෂන් සභා වාර්තාව ප්‍රමාද වන්නේ නම් මැතිවරණ ප්‍රමාදයට හේතුව එම කමිටුව බව ජනතාව තේරුම් ගනු ඇති බවයි. කෙසේ වෙතත් අදාළ වාර්තාව ලබන 27 වැනිදා පෙරවරුවේ පළාත් පාලන අමාත්‍යාංශයේ ‍ලේකම්වරයාට භාර දීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවද අශෝක පීරිස් මහතා මෙහිදී සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*