හම්බන්තොටට එපානම් පොළොන්නරුවට දෙන්න


Maithripala-Sirisena_19_11

සිදුකෙරෙන යෝධ සංවර්ධන ව්‍යාපෘති හම්බන්තොටට අවශ්‍ය නැතිනම් ඒ සියල්ල තමා ‍පොළොන්නරුවට ගෙන යාමට සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය.

තිරසර යුගයක තෙවසරක අරුඹුම තේමාව යටතේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (08) පස්වරුවේ පැවති සිය දෙවර්ෂ පූර්ණ උළෙල අමතමින් ජනාධිපතිවරයා සදහන් කළේ හම්බන්තොට විකුණනවා යැයි කියමින් පුහු ඝෝෂා කරන බවත් හම්බන්තොට තියා රටේ කිසිදු තැනක එකඳු බිම් අඟලක් හෝ විකිණීමට තමන් කටයුතු නොකරන බවයි.

එමෙන්ම අද බොහෝ දෙනා දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කළා. දැන් ඇති යැයි පවසන බවත් ඒ සියලුදෙනාට තමා මතක් කරන්නේ 19 සම්මත කිරීම නොව අප ලැබූ ජයග්‍රහණය වන්නේ 18 වැනි සංශෝධනය අහෝසි වීම බවත් අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*