නිදැල්ලේ සිටින ගවයන් සොයා යන මරුවන්


GAWAYAN_D

මහියංගණය ප්‍රදේශයේ නිදැල්ලේ සිටින  ගවයන් මරා මොටර් රථයේ සිට අලෙවි කිරීම සදහා පැමිණි පිරිසක් අලවතුගොඩ පොලීසිය මගින් අද (09) අත්අඩංගුවට ගෙන තිබේ.

මහියංගණය හා ඒ අවට ප්‍රදේශවල මහා මාර්ග අසල පාලු ස්ථානවල සිටින ගවයන් අල්ලා මරා, මෝටර් රථයේ පසුපස තබා ගෙන අකුරණ ප්‍රදේශයේදී අලෙවි කිරීමේ ජාවාරම මෙවුන් කලක සිට සිදුකර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය.

පොලීසියට ලද තොරතුරුක් මත මෝටර් රථය සමග සැකකරුවන් තිදෙනෙකු අලෙවි කිරීම සදහා සූදානම් කර තිබු ගවයෙකු සමග අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

නදීක දයා බණ්ඩාර – මහනුවර‍

vlcsnap-2017-01-09-12h17m16s015 vlcsnap-2017-01-09-12h17m27s544 vlcsnap-2017-01-09-12h17m38s107 vlcsnap-2017-01-09-12h17m48s824 vlcsnap-2017-01-09-12h18m03s684 vlcsnap-2017-01-09-12h18m32s131

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*