දිගන ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කඩිනම් කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරිය උපදෙස් දෙයි


NILUKA+_DIGANA

මධ්‍යම පළාතේ විශාලතම හා අංග සම්පූර්ණම වන දිගන ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කඩිනම් කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය අදාල අංශ වෙත උපදෙස් දුන්නාය.

වසර කිහිපයක් තිස්සේ ඉදිකිරීම් ප්‍රමාද වෙමින් පවතින මෙම ක්‍රීඩාංගණය මෙම වර්ෂයේදී ජනතා අයිතියට පත් කළ යුතු බවත් එහි සියලු ඉදිකිරීම්  කඩිනමින් නිම කරන ලෙස ක්‍රීඩාංගණයේ නිරීක්ෂණයකට එක්වූ ආණ්ඩුකාරවරිය සදහන් කළාය.

මධ්‍යම පළාතේ විශාලතම හා අංග සම්පූර්ණතය ක්‍රිඩාංගණය වෙන මෙය දුරදිග ධාවන පථය, පිහිණුම් තඨාකය, පේක්ෂකාගාරය, ගෘහස්ථ පුහුණු ඒකකය ඇතුලු අංග ගණනාවකින් සමන්විතය.

මෙම ක්‍රීඩාංගණය පසුගිය වසර අවසානයේ නිම කොට ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබුණත් ඉදිකිරීම් නිමා නොවූ නිසා විවෘත කිරීමට නොහැකි විය. ඒ පිළිබදව සොයා බැලීම සදහා ආණ්ඩුකාරවරිය හදිසියේ නිරීක්ෂණයට එක්විය.

එම අවස්ථාවට එක්වෙමින් පසුගිය වර්ෂයේ මෙහි තිබුණු තත්ත්වය හා අද වන විට අත්කර ගෙන ඇති සංවර්ධනය දෙස බැලීමේදී ලබාඇති ප්‍රගතිය ප්‍රශංශනීය වන බවත් පළාතේ ජනතාව වෙනුවෙන් මෙම ක්‍රීඩාංගණය මෙම වර්ෂයේදී විවෘත කළ යුතු බවත් ඇය කීවාය. පළාත් සභාවක් වශයෙන් ප්‍රධාන අමාත්‍යවරයා ඇතුලු ඇමති මණ්ඩලය ද පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ද මෙම ක්‍රීඩාංගණය වෙනුවෙන් ලැබෙන බව ආණ්ඩුකාරවරිය සදහන් කළාය.

මෙම අවස්ථාවට එක්වූ මධ්‍යම පළාත් ක්‍රිඩා, ග්‍රාමීය සංවර්ධන හා තරුණ කටයුතු විෂය භාර අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අදහස් දක්වමින්, දිගන ක්‍රීඩාංගණය අසල පිහිටි කදුගැටයේ නාය යම් තත්ත්වය පරීක්ෂා කොට කඩිනමින් එය ස්ථාවර කිරීම සදහා පියවර ගන්නා බව ද කීවේය .

මෙම අවස්ථාවට නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

vlcsnap-2017-01-21-07h20m27s276 vlcsnap-2017-01-21-07h22m49s148 vlcsnap-2017-01-21-07h23m58s025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*