විමල් වීරවංශ 20 තෙක් රිමාන්ඩ්, සාක්ෂි ප්‍රබලයි FCID අධිකරණයට දන්වයි


Wimal_07_02_2017

හිටපු අමාත්‍ය විමල් වීරවංශ සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සමන්ත ලොකුහැන්නදිගේ ලබන 20වනදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය නියෝග කළා.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ වාහන හතළිහකට මුදල් ගෙවීමේදී රුපියල් නවකෝටි දාහත් ලක්‍ෂයකට ආසන්න මුදලක් රජයට පාඩුකර ඇති බව මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට දන්වා සිටියා. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වැඩබිම් වෙත වාහන අවශ්‍ය බවට පවසමින් කුලී පදනම මත වාහන ලබාගෙන ඇතැත් ඒවා වැඩබිම් වෙත ලබා දී නැති බවත් අමාත්‍යවරයාගේ සමීපම ඥාතීන් කිහිප දෙනෙකුට මෙම වාහන ලබා දී ඇති බවත් පරීක්ෂණ වලින් හෙලිවී ඇති බවයි මුල්‍ය අපරාධ අංශය අධිකරණය වෙත පෙන්වා දෙනු ලැබුවේ.

රජයේ මුදල් සාපරාධී සාවද්‍යය පරිහරණය ,විශ්වාසය කඩ කිරීම , වංචා කිරීම සහ ඊට ආධාර අනුබල දීම යන චෝදනා යටතේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අත්තංගුවට ගහු ලැබූවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*