ද්වීපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කරමින් ක්‍රීඩා සංවර්ධනයට ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක්


DAYA_SUSSI

ශ්‍රී ලංකා රජය හා ඕස්ට්‍රේලියාව අතර සංවර්ධන සහයෝගීතාවය සහ ක්‍රීඩාවේ සහයෝගීතාවය ශක්තිමත් කිරීම උදෙසා වන අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ඊයේ (15) ඕස්ට්‍රේලියාවේ කැන්බරා හිදී සිදු කෙරිණි.එම අවබෝධතා ගිවිසුමට අනුව මෙරට ක්‍රීඩා පුහුණුකරුවන්, කළමණාකරුවන්, වෛද්‍ය වෘත්තීයවේදීන්, ක්‍රීඩා විශේෂඥයන් පුහුණු කිරීම හා හුවමාරු කර ගැනීමට මෙන්ම ද්වීපාර්ශ්වීය වශයෙන් තහනම් උත්තේජක තාක්ෂණය බෙදාහදා ගැනීම අපේක්ෂා කෙරේ.

මෙම ගිවිසුමට අත්සත් තැබීම, ඕස්ට්‍රේලියාව වෙනුවෙන් එරට ක්‍රීඩා අමාත්‍ය ග්‍රෙග් හන්ට් (Greg Hunt) මහතා සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍ය, දයාසිරි ජයසේකර මහතා විසින් සිදු කළේය.

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර වූ දිඟු කාලීන සම්බන්ධතා ශක්තිමත් කරමින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය, රනිල් වික්‍රමසිංහ මහතාගේ ඕස්ට්‍රේලියානු සංචාරයට සමගාමීව මෙම අවබෝධතාවයට අත්සන් තැබීම සිදු කෙරිණි.

ක්‍රීඩා අමාත්‍යවරුන් දෙපළ අබබෝධතා ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාව ඡායාරූපයෙන් දැන්වෙන අතර, ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය, මුල්කට් ටර්න්වුල් හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය, රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ද ඡායාරූපයේ සිටිති.

B37A1586

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*