ආර්ථික අර්බුදය ඉතා භයානකයි වහාම රට මුදා ගැනීමට හදිසි ක්‍රියාමාර්ග ගන්න


BANDULA_G

රට මුහුණ දී සිටින විනිමය හා ආර්ථික අර්බුදය ඉතා භයානක තත්ත්වයකට උත්සන්න වී ඇති නිසා ජනාධිපතිවරයා විසින් වහාම අමාත්‍ය මණ්‌ඩලය හා පාර්ලිමේන්තුව රැස්‌කර රට මුදා ගැනීමට හදිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන ඉල්ලා සිටිනවා.

ඊයේ (19) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට් එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කළෙ ආර්ථිකයේ සැබෑ තත්ත්වය මුදල් ඇමැතිවරයා විසින් වසන් කරමින් සිටින නමුත් මහ බැංකු අධිපතිවරයා ආර්ථිකයේ පවතින සැබෑ තත්ත්වය හෙළිදරව් කර ඇති බවයි.

මේ අනුව මේ වසරේ (2017) පළමු දින 45 තුළ පමණක්‌ රුපියල රැක ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 221 ක ඩොලර් ප්‍රමාණයක්‌ විදේශ විනිමය වෙළෙඳපොළට සැපයීමට සිදුව ඇතැයි ද මෙය ශ්‍රී ලංකා මුදලින් රු. කෝටි 3300 ක්‌ පමණ වන බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*