ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස මගින් රටට වින කටින්න එපා!


MS69

රටේ ජනතාවට අවශ්‍ය ආහාර, නිවාස, සෞඛ්‍ය හා අධ්‍යාපන යන ක්‍ෂේත්‍ර සදහා සෑම රජයක්ම ප්‍රමුඛත්වය ලබා දිය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසනවා.

එහෙත් ඇතැම් රජයන් එම ප්‍රමුඛත්වය හදුනා නොගෙන දේශපාලනඥයන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර මත පමණක් කටයුතු කිරීම හේතුවෙන් රටේ අඩු ආදායම්ලාභි ජනතාවට ජීවත් වීම පිළිබඳ ගැටඵවලට මුහුණදීමට සිදුවි ඇතැයි එතුමා පෙන්වා දුන්නා.

කොලොන්නාව සාලමුල්ල ප්‍රදේශයේ ඉදිකළ ලක්සඳ සෙවන නිවාස සංකීර්ණයේ දෙවන අදියර අද පෙරවරුවේ ජනතා අයිතියට පවරමින් ජනාධිපතිතුමා මේ කරුණු සඳහන් කළේය.

රටේ සියලු ජනතාව ආර්ථික වශයෙන් ශක්තිමත් කිරිීම වත්මන් රජයේ අරමුණ බවත්ඒ අනුව රටේ සියලු ක්‍ෂේත්‍රවල සංවර්ධනය කඩිනම් කර තිබේන බවත් 2020 වනවිට මෙරට නිවාස නාගරික සංවර්ධන, කෘෂිකර්ම,අධ්‍යාපන,සෞඛ්‍ය ඇතුඵ් සියලු ක්‍ෂේත්‍රවල විශාල ප්‍රගතියක් පෙන්නුම් කිරීමට රජයට හැකිවනු ඇතැයි ජනාධිපතිතුමා විශ්වාසය පළ කර සිටියා.

“වර්තමානයේ ඇතැම්හු රජයට නොයෙකුත් චෝදනා හා විවේචන එල්ල කරමින් විවිධ උද්ඝෝෂණ හා විරෝධතාවල නිරත වෙනවා. ඇතැම් මාධ්‍යය ද අසුබ දේ පමණක් දකිමින් තම ව්‍යාපාරවල නිරත වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදි අයිතින් හා නිදහස සීමාව ඉක්මවා භාවිත කරමින් රටට විනාශයක් සිදු කරන්න එපා. එමගින් අයහපත් ප්‍රතිඵල ලැබෙන්නේ දේශපාලනඥයන්ට පමණක් නෙමෙයි සමස්ථ ජනතාවටමයි ” එතුමා ඉල්ලිමක් කර සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*