බටහිර ආසියානු බේස්බෝල් ශූරතාව ශ්‍රී ලංකාවට


Besboall

පාකිස්තානයේ පැවැත්වෙන ආසියානු බේස්බොල් ශූරතාවලියේ රන් පදක්කම ප්‍රබල පාකිස්තානු කණ්ඩායම පරදා 4 ට 2 ක් ලෙස ජය ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නේපාල කණ්ඩායම සමඟ තරඟ වැදුනු අතර 11 ට 0 ලෙස එම තරඟය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය අකලංක රණසිංහ විසින් හොබවන ලදි.

දැනට ආසියානු බේස්බෝල් ශ්‍රේණිගත කිරීම් අනුව අංක 01 ස්ථානයේ පාකිස්ථානයද, අංක 02 ස්ථානයේ ශ්‍රී ලංකාවද පසුවෙයි.

IMG_9037 IMG_9040 IMG_9048 IMG_9050 IMG_9051

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*