සයිටම් කඩේ වහාම අහෝසි කළ යුතුයි!


Sunil_02_03_2017

මාලඹේ සයිටම් වෛද්‍ය පීඨය වහා අහෝසි කර යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හදුන්නෙත්ති මහතා පවසනවා.

“අපි දන්නවා සයිටම් කියන්නේ හොර කඩයක්. මේක ආරම්භයේ ඉදලම නෙවිල් ප්‍රනාන්දුලා මේ හොර කඩේ ඉඳලා ජාවාරම් කලා. මේ ජාවාරමමට මුලින්ම අල්ල ගත්තේ උසස් අධ්‍යාපන ඇමතිවරු. පහුගිය සතියේ කෝප් කමිටුවේ සභාපතිවරයා හැටියට මම පාර්ලිමේන්තුවට කැදෙව්වා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව. කැඳවලා අපි ඇහුවා අධ්‍යාපන කඩයකට ඔයගොල්ලෝ අවසර දෙන්නේ කොහොමද කියලා. සයිටම් එකට අවසර දුන්නේ මොන ක්‍රමයටද කියලා. එතකොට ඔවුන් කිව්වා 2007 වසරේදි ඉල්ලිමක් ආවලු. 2011 දී කොන්දේසි සහිත අනුමැතියක් දුන්නා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවට අපි කියන්නේ මේ සයිටම් කඩේ වහාම අහෝසි කරන්න ඕන කියලා මේ අරගලයට පණ පොවන්නේ රටේ ජනතාව,” මන්ත්‍රීවරයා පවසා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*