විදේශ විනිශ්චයකාරවරුන් ගෙන්විමට කිසිසේත් මා සුදානම් නෑ


Maithirpala_PR

මානව හිමිකම් කඩවිම පිළිබඳව එල්ල වී ඇති චෝදනා අනුව ශ්‍රි ලංකා විදේශ විනිසුරුවරුන් ගෙන්විමේ අදහස ක්‍රියාත්මක කළ යුතු බවට එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා මිට සති දෙකකට පෙර කළ ප්‍රකාශය ට පැය 24 ක් නික්ම යාමට පෙර ප්‍රතිචාර දක්වමින් කිසිසේත් විදේශ විනිශ්චයකාරවරුන් ගෙන්විමට තමා සුදානම් නැති බව දැනුම් දුන් බව ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

කොළඹ ශ්‍රි ලංකා පදනම් ආයතනයේ ඊයේ පැවති රැස්විමකට එක්වෙමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් තුල පිරිසිදු රාජ්‍ය පාලනයක් ඇතිකිරිම තම අරමුණ බවයි.

අද රටේ ජනතාවට අවශ්‍ය වී ඇත්තේද පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් හා පිරිසිදු දේශපාලන චරිත බවත්, තමා ජනාධිපති ධුරයේ සිටියත් නැතත් පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් සදහා වු තම අරමුණින් කිසිවිටෙකත් බැහැර නොවන බවද සදහන් කළා.

පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් ලෙස ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කර ඉදිරියට ගෙන යා යුතු බව ජනාධිපතිතුමා එහිදි අවධාරණය කළේය කිසිදු තැනක කිසිදු ගිවිසුමකින් කොටු වී නැති තමා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති සහ දර්ශනය ඉදිරියට ගෙන යාමට අවංකව කැප වී සිටින බවත් රටේ ස්වාධිනත්වය සහ ඒකියභාවය ආරක්ෂා කර ගැනිම වෙනුවෙන් තමන් නිරන්තරයෙන් පෙනී සිටින අතර කිසිවිටෙකත් විදේශිය විනිශ්චයකාරවරුන් රටට ගෙන්විමට සුදානම් නැතැයි අවධාරණය කළේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*