සියළු ජාතින්ට ගරු කරන ඒකිය රටක් ලෙස ඉදිරියට යනවා!


RW_MU

සියළු ජාතින්ට එකලෙස සලකමින් ඒකිය රටක් ලෙසට ඉදිරියට ගමන් කිරීමට රජය කටයුතු කරන බව ආග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

“දැන් ඇමරිකාවත් යුරෝපයත් ඒ පදනම තුළ ඉන්නවා. ලෝකයේ සෙසු රටවලට වගේම ශ්‍රි ලංකාවටත් එහි තර්ජනය තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආකෘතියක් ලෙසට කටයුතු කරන ඔබ ඒ සඳහා ඉඩ නොදෙන ලෙසට කටයුතු කරන ලෙසයි මා ඉල්ලා සිටින්නේ. යුද්ධයක් ඉවර වුණාම මිනිසුන් බලාපොරොත්තු වන්නේ සාමකාමි ඒකිය රටක්. ඒ නිසායි දෙදහස් පහළොවේ ජනතාව අප රජය බලයට පත් කර ගත්තේ. ඒකාබද්ධ රාමුවක් තුළ සැමගේ සහයෝගය සහිතව ඒකීය රටක් ලෙස ඉදිරියට යාම අපේ බලාපොරොත්තුවයි,” අගමැතිවරයා අවධාරණය කළා.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ  මහතා වෛරය සහ හිත් නොහොදකම් පදනම් කර ගනිමින් බලය ලබා ගැනීමට උත්සාහ කරන අවස්ථාවන් බොහෝ විට දැකිය හැකි බව සදහන් කළා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ  ඕවර්සීස් ජාත්‍යන්තර පාසල මගින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට සමාන සංවිධාන ආකෘතියක් නිර්මාණය කිරීමේ උත්සවයෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*