නවීන උපකරණ ලබා දෙන්නේ වෘත්තීය සමිති ඒකාබද්ධ වී වර්ජන කරන්න නෙමෙයි


Rajitha-1_english

ලංකාවේ රෝහල් වල ඇති උපකරණ ක්‍රියාත්මක මරනු ලබන්නේ දිනකට පැය 08 කාලයක් බවත් පෞද්ගලික රෝහල් පැය 24 ම එම උපකරණ වලින් අදාළ සේවය ලබා ගන්නා බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසා සිටිනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ ජාතික රෝහල සදහා ඩිජිටල් තාක්ෂණයෙන් යුත් හා රුපියල් මිලියන 300 වටිනාකමකින් යුත් නව MRI යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමේ උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස එක්වෙමිනි.

“ශ්‍රී ලංකා ජාතික රෝහල සංවර්ධනය කිරීමට කටයුතු කරනවා. වික්ටෝරියා ගොඩනැගිල්ල, බණ්ඩාරනායක වාට්ටු සංකීර්ණය, හෙද නේවාසිකාගාරය සහ ඛාන්ස් පෙදෙස වෛද්‍ය නේවාසිකාගාරය නවීකරණය කිරීමට කැබිනට් අනුමැතිය ලබා ගත්තා. අද දින ලබාදෙන මෙම ඩිජිටල් තාක්ෂණයෙන් යුත් MRI යන්ත්‍රය සිංගප්පූරු තාක්ෂණය ජාතික රෝහලට ගෙනඒමක් ලෙස මම හදුන්වා දෙනවා. 2016 වසරේ දී ඊ-හෙල්ත් ව්‍යාපෘතිය රෝහල් 40 ක ආරම්භ කළා. 2017 වසරේ දී රෝහල් 200 ක ක්‍රීයාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා,” අමාත්‍යවරයා පවසා සිටියා.

“නවීන උපකරණ රාජ්‍ය අංශයටත් ලබාදෙන්නේ වෘත්තීය සමිති ඒකාබද්ධ වී වර්ජන කරන්න නොවෙයි. දෙවරක් සිතා බලා වර්ජන දියත් කරන්න. මීට පෙර මෙවැනි තාක්ෂණික උපකරණ ලංකාවෙි රෝහල්වල තිබුනේ නැහැ. පස්වරු 04 න් පසු රෝහල්වල උපකරණ භාවිත කිරීමෙි සැළසුමක් සකස් කර තිඛෙනවා. වෛද්‍යවරු පෞද්ගලික වෛද්‍ය සේවා වල ක්‍රියාත්මක වන්නේ ද සවස 04 න් පසුවයි. විශේෂඥ වෛද්‍ය සේවාවන් සවස 04 න් පසු ශල්‍යාගාර පහසුකම් සහිත රෝහල්වල ආරම්භ කළ යුතුයි. රජයේ රෝහල්වල එම වැඩපිළීවෙල ආරම්භ කිරීමෙි දී ඉතා අඩු මුදලකට සේවය ලබා දිය යුතුයි. එමගින් සෞඛ්‍ය ක්ෂේත්‍රය ආදායමක් ලබනවා. සෞඛ්‍ය වැය ශිර්ෂය අවම කර ගත හැකියි. මෙම වැඩපිළිවෙල ආරම්භ කිරීමෙි දී සෞඛ්‍ය සේවාව පෞද්ගලීකරණය කරන බවට චෝදනා එල්ල වෙන්න පුළුවන්. නමුත් වෘත්තීය සමිති දුපත් මානසිකත්වයෙන් තුරන් වී අනාගතය දෙස ලබා වෘත්තීය සටන් මෙහෙය විය යුතුයි. රජයේ රෝහල්වල ඇති ශල්‍ය උපකරණ වාර්ෂිකව අලුත්වැඩියා කිරීමට පමණක් රුපියල් මිලියන 987 ක් වැය වෙනවා. සෑම රෝහලකම පෞද්ගලික අංශයක් ආරම්භ කර රෝගී සත්කාරක සේවා කරන ලෙසට ඉල්ලීම් ඉදිරිපත් වී තිඛෙනවා. මෙය පෞද්ගලීකරණය කිරිමක් නොවෙයි. රජයේ සියළු දේ ලබා දිය යුතු බව කියන වාමාංශිකයෝ සිටින්නේ ලංකාවෙි විතරයි,” එහිදී අදහස් දක්වමින් ඇමතිවරයා වැඩිදුරටත් දක්වා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*