අර්ජුන මහේන්ද්‍රන් බැඳුම්කර විමර්ශන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට


Arjun Mahendran

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කොමිසම හමුවට පැමිණ ලබන සිකුරාදා (10) උදේ 10.00ට පැමිණ සාක්ෂි ලබාදෙන ලෙස නියම කරමින් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට ඊයේ (08) මහ බැංකු බැඳුම්කර විමර්ශන ජනාධිපති පරීක්ෂණ කොමිසම නොතිසි නිකුත් කර තිබේ.

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සඳහා වූ වෙන්දේසියක දී පර්පචුවල් ට්‍රේෂරීස් සමාගමට අයුතු වාසියක් ලැබෙන පරිදි එවකට හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා කටයුතු කරන ලදැයි චෝදනා එල්ල වි තිබේන අතර ඒ සම්බන්ධයෙන් මහ බැංකු බැඳුම්කර විමර්ශන ජනාධිපති පරීක්ෂණ කොමිසම කරගෙන් යන විමර්ශනයන්ට අදාළව සාක්ෂී විමසිම සදහා මෙම කැදවිම කර තිබේ.

මේ අතර මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව රජය මෙතෙක්‌ පියවර ගෙන නැතැයි ඇමරිකානු රජය ඊයේ (8 දා) සිය වාර්ෂික වාර්තාව ප්‍රකාශයට පත්කරමින් සඳහන් කර ඇත.පසුගිය ඔක්‌තෝබර් මස රජයේ පාර්ලිමේන්තු කමිටුවක්‌ විසින් මහේන්ද්‍රන් අයථා ලෙස ක්‍රියාකර ඇති බවට නිගමනය කර තිබූ බවද එම වාර්තාවේ දක්‌වා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*