වතුර නැතුව දුක් විදින වටවල රෝහල


No_water

මාස තුනක පමණ කාලයක සිට වටවල රෝහලට ප්‍ර‍මාණවත් ජල පහසුකම් නොමැති නිසා රෝහලේ දෛනික කටයුතු පවත්වාගෙන යාමට නොහැකිව දැඩි අපහසු තවයකට පත්ව ඇතිබව රෝහල් කාර්ය මණ්ඩලය පවසති.මෙම හේතුව නිසා නේවාසිකව ප්‍ර‍තිකාර ලැබිය යුතු රෝගින් බෙහෙත් ලබාදි  පිටත්කර යැවිමට සිදුව ඇති බවද පවසන අතර මෙම තත්ත්වය හමුවේ රෝහල පවත්වාගෙන යාම දැඩි අසිරූ බව වෛද්‍යවරු  පවසති.

මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන වටවල දිස්ත්‍රික් රෝහල යනු ප්‍රදේශයේ අතිවිශාල ජනතාවක් සදහා සෞඛ්‍ය පහසුගම්  ලබාගැනිමට ඇති රජයේ රෝහලකි.

වටවල නගරය,කැරලයිනා,ලොනැක්,වැලිඔය,ටෙම්පල්ස්ටෝ,ෂැනන්,ස්ට්‍රැතඩන් වත්ත ආදි තේ වතු රැසක ජනතාව සදහා ඇති එකම රජයේ රෝහල මෙය වේ.එකි ප්‍රදේශවල අඩු ආදායම්ලාභි හා තේ වතු කරුකරු ජනතාවක් වාසය කරති.එවන්වු අසරණ ජනතාවට සෞඛ්‍ය පහසුකම් ලබාගැනිමට පැමිණි විට රෝහලේ කටයුතු පවත්වාගෙන යාම සදහා ප්‍ර‍මාණවත් ජල පහසුකම් නොමැති බව පවසමින් ඇතැම් රෝගින් සදහා ඖෂධ ලබාදි නිවාස වෙත පිටත් කර යවන බවත්,නේවාසිකව ප්‍ර‍තිකාර ලබන රෝගින් සදහා සියළු කටයුතු සදහා ජලය නිවසින් රැගෙන එමට සිදුවී ඇති බවටත් ඔවුහු මැසිවිලි වගති.

වටවල රෝහලට මෙම තත්ත්වය උද්ගතව ඇත්තේ පසුගිය ජනවාරි මාසයේ සිටය.රෝහල සදහා ජල පහසුකම් ලබාගනු ලැබුවේ  ඒ වෙනුවෙන්ම වෙන්වුන උල්පත් මාර්ගයක් තුලින්ය .අවුරුද්දේ කිසිම දවසක වටවල රෝහලට ජලය හිගවීමේ ප්‍රශ්ණයක් නොතිබුන මුත්පසුගිය  ජනවාරි මාසයේ සිට වටවල නගරයෙන් ඉහලට සමන්පුර ජනපදය දෙසට යන මාර්ගයක් සංවර්ධනය කිරිමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබේ.එම කටයුතු  බාරව ක්‍රියා කරන්නේ පෞද්ගලික සමාගමකි.එම මාර්ගය සංවර්ධනවය කිරිම කටයුත නිසා රෝහලට ජලය සපයන නල මාර්ගයට හානි සිදුවී ඇති බවත් .එම සමාගම ජල සැපයුම් මාර්ගය පිළිසකර නොකරන නිසා රෝහලට ජල පහසුකම් සැපයිම මුළු මනින්ම ඇණ හිට ඇති බවත් එමනිසා තමන් දැඩි අසිරූතාවයකට පත්ව අති බවට ප්‍රදේශවාසි ජනතාව චෝදනා කරති.

මේ සම්බන්ධයෙන් වටවල රෝහලේ වෛද්‍ය නිලධාරිවරියකගෙන් කල විමසිමේදි පැවසුවේ පසුගිය ජනවාරි මාසයේ මැද බාගයේ ඉදලා රෝහලට ජලය සපයා ගැනිම අර්බුදයක් බවට පත්වෙලා තියෙනවා.මේ  නිසා රෝහලේ කාර්ය මණ්ඩලය වගේම රෝගීනුත් දැඩි අපහසු තාවයකට පත්වෙලා ඉන්නේ .අපිට සුර්ය බලශක්ත්යෙන් ජලය ලබා ගන්නා ව්‍යාපෘතියක් තියෙනවා.නමුත් වර්ෂාව නිසා අවශ්‍ය ප්‍ර‍මාණයට ජලය සපයා ගන්න බෑ.ඒ ලබාගන්න ජලය පානීය අවශ්‍යතාවය සපයා ගන්න පමණක් ප්‍ර‍මාණවත් වෙනවා.දිනකට බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබාගැනිමට පැමිණෙන රෝගීන් සංඛ්‍යව 200 ක් විතර .ඒ වගේම නේවාසිකව ප්‍ර‍තිකාර ලබාදිමට ඇතුලත් කල යුතු  රෝගින් සංඛ්‍යාව 15 ත් 30ත් අතර වෙනවා.මේ අයට වගේම වෛද්‍යවරු 03ක්,හෙද නිලධාරින් 09 ක් හා සුළු සේවකයින්ද ඇතුළුය මුළු කාර්ය මණ්ඩලය 25 ක් විතරවෙනවා. මේ සියළුම දෙනාට ප්‍ර‍තිකාර කිරිමට  හා පුද්ගලික පරිහරණයට ප්‍ර‍මාණවත් ජල පමසුකමක් නෑ.මේ තත්ත්වය නිසා අපි දැඩි අසිරූතාවයකට පත්වෙලා තියෙන්නේ.රෝහල පවත්වාගෙන යාමද ඉතා අසීරූ කටයුත්තක් බවට පත්වෙලා තියෙන්නේ.අපි කිප වතාවක්ම මාර්ගය සංවර්ධනය කරන සමාගමේ නිලධාරින් දැනුවත් කලා ඉදිකිරිම් නිසා හානි වුන නල පද්ධතිය පිළිසකර කරදෙන ලෙස නමුත් ප්‍ර‍තිචාරයක් නෑ.

ඉහත තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හෙද නිලධාරිනියක් පැවසුවේ වතුර නැති එකනම් ලොකු ප්‍ර‍ශ්ණයක් වෙලා තියෙන්නේ .වෙලාවකට අත සෝද ගන්නවත් වතුර නෑ.බාහිර රෝගී අංශයෙන් ප්‍ර‍තිකාර ලබා ගැනිමට පැමිණෙන රෝගින් සදහා බෙහෙත් බැදිම ඇතුළු කටයුතු වලටත් ,නේවාසිකව ඉන්න රෝගින්ගේ පානිය අවශ්‍ය තාවයන් වගේම වැසිකිළි ,කැසිකිළී හා සේදිම් වැනි කටයුතු සදහාත් දරු ප්‍ර‍සූතිය සදහා පැමිණෙන මව්වරුන්ට මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලයේ  ‍දෛනික පරිහරනයට හා ඔවුන්ගේ නිල නිවාස වල පරිහරණයටත් විශාල ජල ප්‍ර‍මාණයක් අවශ්‍යයි.නමුත් මාර්ගය සංවර්ධනය කරන ව්‍යාපෘතිය නිසා අවුරුද්ද පුරාම කිසිම අඩුවකින් තොරව උල්පතකින් ජලය ලබා සපයා ගනිමින් තිබු නල මාර්ගයට හානි වීමත් සමත දැඩි අසිරූතාවයකට මුහුණ පෑමට සිදුවෙලා තියෙනවා.සමහර නේවාසිකව ප්‍ර‍තිකාර ලබාගැනිමට පැමිණි රෝගින් වතුර නැති නිසා නවත්ත ගන්න පුළුවන් කමක් නෑ බෙහෙත් දිලා නිවසට යවන්න සිද්දවෙලා තියෙනවා.

ඉහත ගැටළුට සම්බන්ධව මාර්ගය සංවර්ධනය කිරිමේ කටයුත්ත බාරව කටයුතු කරන පුද්ගලික සමාගමේ ව්‍යපෘතිය බාර ඉංජිනේරු වරයාගෙන් කල විමසිමෙදි පැවසුවේ රෝහලට ජලය සපයන නලමාර්ගය සම්බන්ධව ගැටළුවක් පවතින බවත් සමාගම ඊට  පිළියම් යොදා ඇති බව හා ඉදිකිරිම් නිමා විමෙන් පසු නව නල පද්ධතියක් යොදමින් රෝහලට ජලය සැපයිම යතා තත්ත්වයට පත් කිරිමට සැලසුම් කර අති බවය.

හැටන් – චන්දන ජයවීර

DSC00497 DSC00500 DSC00504 DSC00510 DSC00513 DSC00517 DSC00519 DSC00522

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*