පැහැරගත් නෞකාව බේරා ගැනීමේ මෙහෙයුම් ඇරඹේ


Somalian-Force_16_03_2017

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගත් නෞකාව බේරා ගැනීම සඳහා සෝමාලියා ආරක්ෂක අංශ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බවත් නෞකාවේ සිටින කොල්ලකරුවන්ට ආරක්ෂක අංශ විසින් පහරදීම ආරම්භ කර ඇති බවත් ඔවුන් අතර වෙඩි හුවමාරුවක්ද සිදු වී ඇති බවත් විදේශ මාධ්‍ය වාර්තා කරනවා.

මේ වනවිට නැව කොල්ලකරුවන් විසින් රඳවාගෙන සිටින්නේ සෝමාලියාවේ අලූලා වෙරළ තීරය ආසන්නයේ බව විදෙස් වාර්තා පවසනවා. අලූලා ප්‍රදේශය භාර පොලිස් ප්‍රධානියා විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ මෙම නැව පැහැරගෙන ඇත්තේ ධීවරයන් පිරිසක්ද නැතහොත් වෙනත් සෝමාලියානු කොල්ලකරුවන්ද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශනය කරන බවයි. නෞකාව පැහැරගත් පුද්ගලයින් පළමුව නෞකාවට ඇතුලූවී ඇත්තේ ධීවරයින් ලෙස බවට ද අනාවරණ වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

මේ අතර ශ්‍රී ලංකා නාවික හමුදාවද සඳහන් කළේ බහරේන් හි ඇති ඒකාබද්ධ සමුද්‍රීය බලකා මුලස්ථානය මඟින් පාලනය වන ඒකාබද්ධ කාර්ය බලකාය විසින් නැව පිළිබඳ තොරතුරු නාවික හමුදාව වෙත ලබාදී ඇති බවයි.

ඒ අනුව ඔවුන් පී.සී. තුන දරණ ගුවන් යානයකින් නෞකාව තිබෙන ස්ථානය පැහැදිළිව හඳුනාගෙන ඇති බවද වාර්තා වෙයි.

මේ අතර පැහැරගත් කොල්ලකරුවන් කප්පම් මුදලක් ඉල්ලා සිටියහොත් එය ලබා දීමට අදාළ නැවේ සමාගමේ හිමිකරු එකඟතාවය පළ කර ඇති බවද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*