ටොප් 10 බිලියන 131ක් ගිලලා


TOP10

යහපාලන රජය මගින් සිදුකර තිබෙන දැනට ඒකාබද්ධ විපක්ෂය මගින් හෙළිදරව් කර ඇති මහා පරිමාණ වංචා, දූෂණ 10 නිසා රටට අහිමි වූ මුළු මුදල රුපියල් බිලියන 131ක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.යහපාලන ටොප් 10 අවසාන මාධ්‍ය හමුව ඊයේ (16) කොළඹදී පැවැති අවස්ථාවේ ඔහු මේ බව කියා සිටියා.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා.

“අද දින හෙළිදරව් කිරීමට යන්නේ දැනට අපි හෙළිදරව් කරන බරපතළම දූෂණයක් පිළිබඳවයි. අපේ රටේ විදුලි නිෂ්පාදනයට ගල්අඟුරු ප්‍රභවයක් ලෙසට යොදා ගැනෙනවා. මේ සඳහා අවශ්‍ය මිලදී ගැනීම් ආදියට ලංකා කෝල් නමින් සමාගමක්ද පිහිටුවනු ලැබුවා. මෙම මිලදීගැනීම්වලදී අප රටට වූ පාඩුව මිලියන 5000ක්. මෙය මුලින්ම හෙළිදරව් කළේ එජාප මන්ත්‍රී මෛත්‍රි ගුණරත්න මහතා. මේ පිළිබඳව විගණන වාර්තාවේද සඳහන් වෙනවා. මේ ටෙන්ඩරය සඳහා සමාගම් 8ක් ඉදිරිපත් වෙනවා. මෙහිදී 5 වැනියට ලංසුව තැබූ සමාගමට තමයි මෙය ලබාදෙන්නේ. දැන් මෙම ගනුදෙනුව ඉදිරියට යායුතු බව තහවුරු කරනුයේ වර්තමාන අගමැතිවරයා. පාස්කරලිංගම්, මලික් සමරවික්‍රම, සුරේන් බටගොඩ යන අයද මෙයට හවුල් වෙනවා. පසුව කාලයද දීර්ඝ කරනවා. අධිකරණයේදී ඔවුන් පවසනවා ගල්අඟුරුවල ප්‍රමාණය මත මේ සමාගමට ලබාදීමට පියවර ගත් බව. ඒවා අතරමග හදපු නිදහසට කාරණා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*