සියලු ජාතීන්ගේ විශ්වාසය දිනාගත් නායකයා මෛත්‍රී


UD

සියලු ජාතීන්ගේ විශ්වාසය දිනාගත් නායකයා හා රටේ ජාතික නායකයා මෛත්‍රීපාල සිරිසේන මහතා බව අක්මීමණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක යු.ජී.ඩී. ආරියතිලක මහතා පවසනවා.අක්මීමන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක දුරය ලැබීමෙන් පසු පැවැත් වු මුල්ම මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු සදහන් කළේ ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කිරීමට මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුදානමින් සිටින බවයි.

“ඔය වෙනම ගමනක් යනවා කියන අය ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගෙන නෑ. අද ඒ වේදිකාවේ තියෙන්නේ ජාතිවාදය පමණයි. ඉතිහාසයෙන් බෙදී වෙන් වෙන පාඩම ඉගෙන ගත්තා නම් කිසිම කෙනෙක් බෙදෙන්න කටයුතු කරන්නේ නෑ. අද පොදු ජන පෙරමුණේ නායකයා වන ජී.එල්.පීරීස් මහතා එක එක කාලවල එක එක තැන එක එක නායකයන් යටතේ හිටපු කෙනෙක්.”

“පසුගිය අපේ ආණ්ඩුව කාලේ රුපියල් 2500කට පහකගෙන් යුතු පවුලකට කන්න පුළුවන් කියලා අපේම අය ආණ්ඩුව සම්චලයකට ලක්කරා. විමල් වීරවංශ මහත්මයා එදා ශිරාණි බන්ඩාරනායක මැතිනිය ඉවත් කරපු කමිටුවෙත් වාඩි වෙලා හිටියා. එහෙම කෙනා අද ඇප දෙන්න කියලා උපවාස කරනවා. මේවා රටට විහිලු සපයන වැඩ. වැරදක් කරා නමි දඬුවම් විදිය යුතුයි. වරදකර නැත්නම් නීතිමාර්ගයෙන් කටයුතු කළ යුතුයි.”

“කෙහොම වුණත් හබරාදුව රැස්වීමට ආපු අය ශ්‍රී ලංකා නිදහස් පාක්ශිකයන් අපිට ඒ අය ගැන ගැටලුවක් නෑ. අපි හිතන්නේ නෑ ඒ අය පක්ෂය හැර යයි කියලා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*