එක්සත් ජාතීන්ගේ නිර්දේශ ඉදිරි වසර 02 තුළ ක්‍රියාත්මක කරනවා


RAJITHA_NU

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් ලබා දී ඇති නිර්දේශ ඉදිරි වසර 02 තුළ ක්‍රියාත්මක කිරීමට රජය බැදී සිටින බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය සහ රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතා පවසනවා.

යාපනයේ පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ අද (03) උදෑසන පැවැති සාකචිඡාවකින් පසු මාධ්‍යට අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ බලය ඛෙදාහරිමින් සියළු ජනතාවට සාමකාමිව ජීවත්විය යුතු රටක් නිර්මාණය කිරීම රජයේ අපේක්ෂාව බවයි.

යුද්ධය පැවැති කාලයේ යාපනය දිස්ත්‍රික්කයේ රෝහල් සදහා ස්ෙවිචිඡ්ඡා පදනමෙන් බදවාගත් රෝහල් සේවකයින් ස්ථිර කිරිම පිළිබදව මෙම සාකචිඡාව පැවැත්වුනි. මෙහිදී සුදුසුකම් ඇති සේවකයින් ස්ථීර කිරීමට තීරණය කරන ලද අතර, යාපනය ශික්ෂණ රෝහල සංවර්ධනය කිරිම පිළිබදව ද මෙහිදී සාකචිඡා කෙරුනි. එහිදී අවශ්‍ය සැළසුම් සකස් කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදෙන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*