මැතිවරණය කල්‍ යැමේ රහස ජනපති කියයි


Maithirpala_PR

පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත පාර්ලිමේන්තුවේ සම්මත වී වසර කිහිපයක් ගතවී ඇතත් එම මැතිවරණය කල් යාමට ප්‍රධාන වශයෙන් ම හේතුවූයේ ඊට අදාළව පසුගිය රජය සමයේ පත් කළ මැතිවරණ සීමා නීර්ණ කමිටුව එහි කටයුතු සාධාරණව හා අපක්ෂපාතීව ඉටු කිරීමට අසමත්වීම නිසා බව ජනාධි පති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

‘නව පළාත් පාලන ඡන්ද විමසීම් ක්‍රමය සමඟ නව දේශපාලන සංස්කෘතියක් ගොඩනඟමු’ මැයෙන් මාර්තු 12 ව්‍යාපාරය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (7) පැවැත්වූ සමුළුවේ සමාරම්භක දේශනය පවත්වමින් ජනපති සදහන් කළේ මෙරට දේශපාලන සංස්කෘතියේ ඇතිවූ පිරිහීමට මනාප ක්‍රමය හේතුවූ බවයි.

නව පළාත් පාලන මැතිවරණ ක්‍රමය ක්‍රියාත්මක කරමින් පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මණින් මේ වසරේ පැවැත්වීමට හැකි වනු ඇතැයි තමන් දැඩිලෙස විශ්වාස කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*