සහන මල්ලක් ගන්න යන්න සතොසට
April 10, 2017
උත්සව සමයේ ජනතාවට අඩුමිලට භාණ්ඩ ලබා දීමේ වැඩපිළිවෙළ යටතේ රුපියල් 1515ක් වටිනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මල්ලක් රුපියල් 975කට ලක් සතොස හරහා ලබා දීම මේ වනවිට ආරම්භ කර තිබේනවා.මුදල් අමාත්‍යාංශය සදහන් කළේ එවැනි සහන ආහාර මළු දසලක්ෂයක් රටපුරා බෙදාහැරීමට කටයුතු යොදා ඇති බවයි.
පරිප්පු , අර්තාපල්, සහල් , ලොකුළූණු , සීනි, හාල්මැස්සන්, ටින්මාළු , කෑලී මිරිස්, කඩල හා කිරිපිටි එම භාණ්ඩ මල්ලට ඇතුළත්. රුපියල් 1515ක් වටිනා ආහාර ද්‍රව්‍ය ඇතුළත් මෙම මල්ලක් සතොස මගින් අලෙව් කරනු ලබන්නේ රුපියල් 975ටයි. මෙමගින් රුපියල් 540ක ලාභයක් ජනතාවට ඉතිරිවනවා.
එම වැඩපිළිවෙලේදී වැය වන රුපියල් මිලියන 540ක අතිරේක මුදල මුදල් අමාත්‍යාංශය මගින් ලබා දීමට පියවර ගෙන තිබේ.
2017-04-10