යාපනයේ ග්‍රාමසේවකයෙකුට පහරදුන් පිරිස අත්අඩංගුවට ගන්නැයි ග්‍රාමසේවක වරුන් හා සමෘද්ධි නිලධාරීන් විරෝධතාවක


JAFF_NAL

යාපනය චාවකච්ඡේරි ප්‍රදේශයේ ග්‍රාමසේවක වරයෙකුට පහරදුන් පිරිස පොලීසිය විසින් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් විරෝධය පා ඊයේ (19) චාවකච්ඡේරි පාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.

ග්‍රාමසේවක වරුන් හා සමෘද්ධි නිලධාරීන් විසින් සංවිධානය කොට තිබූ අදාල විරෝධතාව කොඩිකාමම් පොලීසියට විරුද්ධව පැවති අතර විරෝධතාවයේ නිරත වූවන් කියා සිටියේ ග්‍රාමසේවක වරයාට පහරදුන් පිරිස දින 3ක් යන තුරුත් කොඩිකාමම් පොලීසිය අත්අඩංගුවට ගෙන නොමැති බවටයි.

පසුගිය 16 වනදා ජේ.322 ග්‍රාමසේවක කොට්ඨාශයේ සේවය කරමින් සිටි ටී.ප්‍රකාශ් නැමිති ග්‍රාමසේවක වරයාට සිව් දෙනෙකුගෙන් යුත් පිරිසක් පහර දී ඇති අතර පසුව ග්‍රාමසේවක වරයා රෝහලගත වුනද අදාල පහරදුන් පිරිස අත්අඩංගුවට ගෙන නොමැත.

කෙසේ වෙතත් විරෝධතාවයේ නිරත පිරිස් කියා සිටියේ රජයේ සේවකයෙක් රාජකාරී කටයුතු වල නිරතව සිටින අවස්ථාවකදී මෙවැනි පහරදීමක් සිදු විටත් කොඩිකාමම් පොලීසිය වරද කරුවන් අත්අඩංගුවට නොගැනීම දැඩි අසාධාරණයක් බවටයි.

මෙහිදී චාවකච්ඡේරි ප්‍රාදේශීය ලේකම් දේවේනද්‍රබාබු මහතා කියා සිටියේ අදාල පහරදීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් සමග සාකච්ඡා කොට විසඳුමක් ලබා දෙන බවටයි.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

(ග්‍රාමසේවක වරුන් හා සමෘද්ධි නිලධාරීන් චාවකච්ඡේරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවයේ නිරත වූ අයුරු)

JAFF_GRA (1) JAFF_GRA (2) JAFF_GRA (3) JAFF_GRA (4)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*