මෝඩිගේ ආරක්‍ෂාවට වතුකරයේ දෙදහසක පොලිස් බලඇණියක්


MODI-SCURITY-_LNA

ඉන්දියානු රජයේ රැපියල් කෝටි පන්සියක වියදමින් ඉදිකර ඇති දික්ඔය මුලික රෝහලේ නව රෝහල් සංකිර්ණය විවෘත කිරිම සහ නොර්වුඩි නගරයේ වතුකරයේ ජනතාව ඇමතිමට පැමිණෙන ඉන්දිය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතාගේ ආරක්‍ෂාව වෙනුවෙන් පොලිස් භටයින් දෙදහක් ආරක්‍ෂාවට යොදවා තිබෙනවා.

දිවයිනේ උතුරු නැගෙනහිර ඇතුලූ පොලිස් කොටිඨාශ තිස් නවයකින් මෙම පොලිස් නිළධාරින් රාජකාරිය සදහා කැදවා ඇති අතර මෙම පොලිස් නිළධාරින් නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙක් පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙක් සහ සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙක් යටතේ රාජකාරි සදහා යොදවා ඇති බවයි හැටන් පොලිසියේ උසස් පොලිස් නිළධාරියෙකු පැවසුෙවි. හැටන් ඩන්බාර් කි‍්‍රඩාංගණයේ සහ හැටන් හයිලන්ඩිස් හැටන් දික්ඔය ඩි.එමි.සි.සි කි‍්‍රඩාංගණයේ සිට නොර්වුඩි කි‍්‍රඩාංගණය දක්වා මාර්ගය දෙපසත් දික්ඔය මුලික රෝහල් භුමියෙත් නොර්වුඩි කි‍්‍රඩාංගණයෙත් මෙම නිළධාරින් රාජකාරි සදහා යෙදවිමට නියමිතයි. පොලිස් නිළධාරින්ට අමතරව පොලිස් විශේෂ කාර්්‍යබලකාය හා යුධහමුදාව සිරුවෙන් තබා තිබෙනවා.

මෙම උත්සවය අතිගරු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාද සහභාගි විමට නියමිතයි. හෙට (12.05) දිනයේ හැටන් අධ්‍යාපන කලාපයේ සහ නුවරඑළිය අධ්‍යාපන කලාපයේ දමිළ පාසල් නිවාඩු ලබා දි ඒ වෙනුවට ලබන (20.05) වන දින පාසල් පැවැත්විමට මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තෙමින්තුව කටයුතු යොදා තිබෙනවා.

හැටන් රංජිත් රාජපක්ෂ

MODI SCURITY (1) MODI SCURITY (2) MODI SCURITY (3) MODI SCURITY (4) MODI SCURITY (5) MODI SCURITY (6) MODI SCURITY (7)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*