සිංහල,දෙමල,මුස්ලිම් සියලු ජන කොටස් සදහා අංග සම්පූර්ණ නිවාස 120ක්


RISHARD_B

අවතැන්වු උතුරු පලාතේ ජනතාව වෙනුවෙන් අංග සම්පූර්ණ නිවාස එකසිය විස්සක්(120) ලබාදීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දානපති පවුලක් සිය කැමත්ත පලකර ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

අබුඩාබි නුවර ව්‍යාපාරිකයකු වන මහමුද් ෆටේ හලී අබ්දුල්ලා අල්කජේ ප්‍රධාන ව්‍යාපාරික පවුලක් මේ සදහා ඉදිරිපත්වී ඇති අතර මේ කටයුතු පිළිබද සොයා බැලීම සදහා තිදෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ලංකාවට පැමිණ ඇති අතර ඔවුන් පසුගියදා මන්නාරම ප්‍රදේශයේ අවතැන්වු ජනතාව පිළිබදව සොයාබැලීම සදහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සමග නිරීක්ෂණ චාරිකාවකටද සහභාගී වී තිබේ.

එම ගමනේ ප්‍රතිඵලයක් ලෙස මෙම පිරිස පසුගියදා (12) කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේදී අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හමුවී මෙම අසරණ ජනතාවට නිවාස එකසීය විස්සක් (120) ඉදිකරදීමට සිය කැමත්ත පලකර තිබේ.

මෙහිදී මාධ්‍යයට අදහස් පලකල මෙම නිවාස ඉදිකිරීමට මූලිකත්වය ගෙන කටයුතු කරන මහමුද් ෆටේ හලී අබ්දුල්ලා අල්කජේ ,

“ශ්‍රී ලාංකික ජනතාව ගොඩාක් මිත්‍රශීලියි.ඔවුන් ආගන්තුක සත්කාරයට ලැදි පිරිසක්,අවතැන්වු ජනතාව වෙනුවෙන් අපි මේ විදියට නිවාස එකසීය විස්සක් හදන්න කටයුතු කරනවා.එතනදි අපිට ජාතියක් අවශ්‍ය නැහැ.සිංහල,දෙමල,මුස්ලිම් සියලු ජන කොටස් වලින් තෝරා ගත් නිවාස අහිමි පිරිස් වෙත අපි මේ අංග සම්පූර්ණ නිවාස 120 ලබාදීමට කටයුතු කරනවා.

මේ කාර්යේදී අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ගොඩාක් උදවු කලා.අපිට මේ රටට ආරාධනා කරලා අපේ පිරිසට ලංකාවේ ජනතාව මුණගස්වලා ඔවුන්ගේ ජීවන තත්වය පිළිබදව අපට වැටහීමක් ලබාදීමට අමාත්‍යවරයා කටයුතු කලා.ඒ වගේම වර්තමානයේ මේ රටේ ඇතිවෙලා තියෙන ජාතික සමගිය ප්‍රශංසනීයයි.මේ සදහා කැපවෙන ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් මම ස්තූතිවන්ත වෙනවා.ඒවගේම දෙරටේ තානාපතිවරුන්ටත් මම මගේ ස්තූතිය පලකර සිටිනවා.

මේ නිවාස ව්‍යාපෘතියෙන් පස්සේ අවතැන් ජනතාව වෙනුවෙන් පානීය ජල ව්‍යාපෘතියක් වගේම කෘෂිකර්මාන්තය සදහා ජල ව්‍යාපෘතියකුත් ආරම්භ කරන්න අපි සැලසුම් කරල තියෙනවා.ඔබගේ මේ රටට අවශ්‍ය ඕනෑම අවස්ථාවක උපකාර කිරීමට අපි සූදානමින් සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*