අපේ,එක කකුලක් එක රටකත්, තව කකුලක් තව රටකත් නෑ…


Vherath_D

ද්විත්ව පුරවැසිභාවයට හිමිකම් කියන පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතයන් කවුරුන්ද යන්න වහාම රටට හෙළිකළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එම පක්ෂයේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් සදහන් කරන්නේ දහනව වැනි සංශෝධනයට අනුව පාර්ලිමේන්තුවේ කිසියම් නියෝජිතයෙක් ද්විත්ව පුරවැසිභාවයට හිමිකම් කියන්නේ නම් ඔහුට හෝ ඇයට ඡන්දය ඉල්ලීමට නොහැකි නීතියක් සම්මත වී ඇති බැවින් එම නීතිය කාටත් පොදුවිය යුතු බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ කිසිදු මන්ත්‍රිවරයෙක් එක කකුලක් එක රටකත්, තව කකුලක් තව රටකත් තබා දේශපාලනය කිරීමේ ප්‍රතිපත්තියක් කිසි දිනෙක අනුගමනය නොකරන බවද මන්ත්‍රීවරයා සදහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*