උතුරු නැගෙනහිර ඒකාබද්ධ නොකරන විසදුමක් එපා


TNA-sridharan

උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කළ යුතු බවත් එම පළාත් ඒකාබද්ධ කිරීමකින් තොර කිසිදු විසදුමක් දෙමළ ජාතික සන්ධානය පිළිනොගන්නා TNA යාපනය දිස්ත‍්‍රීක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.ශ‍්‍රීධරන් මහතා පවසනවා.

ඒ සම්බන්ධයෙන් පසුගියදා ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා සමගින් කළ සාකච්ඡාවේදී ද ප‍්‍රකාශ කර සිටි බවත් යාපනය මාධ්‍ය සමාජයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි මන්ත්‍රීවරයා අවධාරණ්ය කළා.

“නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළින් උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් විවිධාකාර පරස්පර කරුණු පෙනෙන්නට තිබෙනවා. උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම ගැන තවමත් එක් පැහැදිලි ස්ථාවරයකට පැමිණ නැහැ. දෙමළ ජාතික සන්ධානය වශයෙන් උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කළ යුතුයි. උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ වීමකින් තොර විස`දුමක් කිසි විටක පිළිගන්නේ නැහැ කියල අපි පසුගියදා මෙරටට පැමිණි ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමගිනුත් කිව්වා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*