නුවරඑළියේ සිට හග්ගල ගිය ලංගම බස් රථයක් අඩි පහළොවක් පමණ බෑවුමකට පෙරලි විසිතුන් දෙනෙක් රෝහලේ


CTB_DOWEN

නුවරඑළියේ සිට හග්ගල හරහා පටිටිපොළ දක්වා ධාවනය වු ලංගම බස් රථයක් එම මාර්ගයේ රේන්දපොළ ප‍්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැනිමෙන් බස් රථයේ ගමන් ගත් විසි තුන් දෙනෙකු තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුලත් කර ඇති බව නුවරඑළිය පොලිසිය පවසනවා. අද (18.05) පස්වරු 2.30 ට පමණ මෙම අනතුර සිදුවි ඇති බවයි පොලිසිය පවසන්නේ.

තුවාලකරුවන් අතර පාසල් ළමුන් කිහිපදෙනෙකුද සිටින බව පොලිසිය පවසනවා. බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ අයහපත් කාළගුණ තත්ත්වයක් හා ඝණ මිදුමි තත්ත්වයක් තිබු බවයි පොලිසිය පවසන්නේ. අනතුරෙන් තුවාල ලැබු අයගේ තත්ත්වය බරපතල නොවන බවයි නුවරඑළිය මුලික රෝහලේ ප‍්‍රකාශකයෙකු පැවසුවේ.

පස්වරු 2.30 ට පමණ මෙම අනතුර සිදුවි ඇති බවයි පොලිසිය පවසන්නේ. තුවාලකරුවන් අතර පාසල් ළමුන් කිහිපදෙනෙකුද සිටින බව පොලිසිය පවසන්නේ. ධාවනය වෙමින් තිබු බස් රථයේ රියදුරු අසුන ලග තිබෙන බස් රථයේ දොර හදිසියේ විවෘත විමෙන් එය වැසිමට රියදුරා උත්සහ කිරිමත් සමගම බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුවි ඇති බව නුවරඑළිය පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතා පැවසුවා.

මෙම බස් රථඅනතුරෙන් බස් රථයේ රියදුරා කොන්දොස්තරවරයා ඇතුලූ පිරිමින් පහළොස් දෙනෙකු කාන්තාවන් හතර දෙනෙකු සහ පාසල් ළමුන් තිදෙනෙකු රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිස් අධිකාරිවරයා පැවසුවේ. අධික වේගයෙන් ධාවනය වි ඇති බස් රථයේ දොර විවෘත වි ඇත්තේ වංගුවක් සහ අධික බෑවුමක් සහිත ප‍්‍රදේශයකදි බැවින් රියදුරා විවෘත වු දොර වැසිමට උත්සහ කිරිමත් සමගම බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ඇති බවයි පොලිස් අධිකාරිවරයා පැවසුවේ.

හැටන් රංජිත් රාජපක්ෂ

CCCCT (1) CCCCT (2)

CTB (1)

OLYMPUS DIGITAL CAMERA OLYMPUS DIGITAL CAMERA[/caption]

CTB (3)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*