යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කරයි…


RsampanthaN

යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කිරීමේ සැමරුම් උත්සවය අද මුලතිව්, මුල්ලිවයික්කාල් වෙරළ තීරයේදි උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන්ගේ ප‍්‍රධානත්යෙන් පැවැත්වුනා.අදාළ සැමරුම් උත්සවය වෙනුවෙන් විපක්ෂ නායක ආර්.සම්බන්ධන්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන මාෙවියි සේනාධිරාජා, ශිවඥානම් ශ‍්‍රීධරන්, ශිවශක්ති ආනන්දන්, ටි.සිද්ධාර්ථන්, උතුරු පළාත් සභා මන්ත‍්‍රීවරුන්, යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාවගේ ඥාතීන් ඇතුලු පිරිසක් සහභාගි වි සිටියා.

යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිපත් කොට නිහඬතාවය සුරැකීම සිදුකොට, පහන් දල්වා අදාළ සැමරුම් උත්සවය සිදු කළේය.

මේ අතර උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරම් මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් ද‍්‍රවිඩ ජනතාව සඳහා අද (18) දිනය ශෝක දිනයක් බවට ප‍්‍රකාශයට පත් කර තිබුන අතර

සිවිල් යුද්ධය අවසන් වුණු දිනය ලෙස සලකන අද (18) දින විනාඩි 03ක නිශ්ශබ්දතාවයක් සටහන් කරමින් යුද්ධයෙන් ජීවිතක්ෂයට පත් වුණු තම සහෝදරයින් උදෙසා ගෞරවය දක්වන ලෙස ප‍්‍රධාන අමාත්‍යවරයා එම නිවේදනය නිකුත් කරමින් උතුරේ ද‍්‍රවිඩ ජනතාවගෙන් ඉල්ලා තිබුනා.

may-18-4-1024x768 may-18-10 may-18-15 may-18-19 may-18-29 may-18-32 may-18-111

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*