ති‍්‍රවිධ හමුදාව ශක්තිමත් කිරීමේ කාර්යය නොපිරිහෙළා ඉටුකිරීමට රජය කැපවී සිටිනවා


RANAVIRU_MS

විවේචකයින් කුමක් පැවසුවද ජාතික ආරක්ෂාව පිළිබඳ දරන්නා වූ වගකීම්වලදී ති‍්‍රවිධ හමුදාව ශක්තිමත් කිරීමේ කාර්යය නොපිරිහෙළා ඉටුකිරීමට රජය කැපවී සිටින බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියා.

අද (19) පස්වරුවේ පාර්ලිමේන්තු කී‍්‍රඩාංගණය අසළ පිහිටි රණවිරු ස්මාරකය අබියස පැවති 2017 ජාතික රණවිරු සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිවරයා සදහන් කළේ වසර 30 කට ආසන්න කාලයක් පැවති යුද්ධයේදී මියගිය සහ ආබාධිත වූ සියලු රණවිරුවන් වෙනුවෙන් වූ වගකීම් සහ යුතුකම් නොපිරිහෙළා ඉටු කරනවා සේම රටේ අනාගතය සඳහා අද සේවයේ යෙදී සිටින ති‍්‍රවිධ හමුදා සාමාජිකයින් නව තාක්ෂණය සමග ඉහළ ගුණාත්මක සේවාවක් සඳහා ඉදිරියට ගෙන යාමේ වගකීම ද ඉටු කරන බවයි.

ගෙවී ගිය වසර දෙක හමාරක කාලය තුළ රණවිරු සුබසාධනය වෙනුවෙන් රජය නව වැඩසටහන් රැසක් දියත් කළ බවත් රණවිරු නිවාස ලබාදීමේ වැඩපිළිවෙළ විධිමත් සහ කාර්යක්ෂම කරමින් සෑම රණවිරුවෙකුටම නිවසක් ලබාදීමේ වැඩපිළිවෙළ මේ වන විට කි‍්‍රයාත්මක කර තිබෙන බව ද කියා සිටියේය.ජාතික ආරක්ෂාව පිළිබද පමණක් නොව මත්ද්‍රව්‍ය මර්දනය ඇතුළු ජාතික වැඩසටහන්වලදීද, සංවර්ධන වැඩපිළිවෙලේදී සහ සමාජ සුබසාධනයේ දී ති‍්‍රවිධ හමුදා සාමාජිකයින් ලබා දෙන දායකත්වය මෙහිදී ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් විය.

මාතෘ භූමිය වෙනුවෙන් ජීවිත පූජා කළ රණවිරුවන්ට සිය උත්තමාචාරය පිළිගන්වමින් ජනාධිපතිවරයා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*