හිටපු නගරාධිපතිවරයාට නිතිඥවරුන් පිරිසකගෙන් ප‍්‍රහාරයක්න-ගරාධිපතිවරයා දික්ඔය මුලික රෝහලට


HATTTOPN_CHIF

හැටන් දික්ඔය නගර සභාෙවි හිටපු නගරාධිපති අලගමුත්තු නන්දකුමාර මහතාට හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණයේ සේවයේ නියතු නිතිඥවරුන් පිරිසක් පහරදුන්නේ යැයි පවසමින් නගරාධීපතිවරයා දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබනවා.

ඊයේ (19.05) රාති‍්‍ර හැටන් ප‍්‍රදේශයේ උත්සව ශාලාවක නිතිඥවරුන්ගේ සාදයක් පැවති අතර එම සාදයට සහභාගි වු හිටපු නගරාධිපතිවරයා එම නිතිඥවරුන් සමග ඇති වු බහින් බස්විමක් දුර දිග යෑමෙන් පසු නිතිඥවරුන් පිරිසක් තමන්ට පහරදුන් බවයි හිටපු නගරාධිපතිවරයා හැටන් පොලිසියට කළ පැමිණීල්ලේ සදහන් කර ඇත්තේ.

හිටපු නගරාධිපතිවරයා හැටන් දික්ඔය නගර සභාෙවි හිටපු පාලන කාලයේ සිදුවුයේ යැයි කියන වංචා හා දුෂණ ගණනාවක් සමිබන්ධයෙන් දැනට පැවැත්වෙන පරික්‍ෂණ කිහිපයකට එම සාදයේ සිටි නිතිඥවරුන් පිරිසක් සහයෝගය දක්වන බවට හිටපු නගරාධිපතිවරයා විසින් චෝදනා නගමින් මෙම බහින් බස්විම ඇතිිවි තිබෙනවා. තමන්ගේ බෙල්ලට සහ උදරයට එම නිතිඥවරුන් පිරිස පහරදුන් බවයි එම පැමිණීල්ලේ සදහන් කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*