රට අරාජික කිරීමට අන්තවාදීන් උත්සහයක -කල්පනාකාරීව කටයුතු කරන ලෙස මුස්ලිම් ප්‍රජාවගෙන් ඉල්ලිමක්


NAVALA

මුස්ලිම් ආගමික සහ ව්‍යාපාරික ස්ථාන ඉලක්ක කර එල්ල කරන සහ සිදුවන ඇතැම් අස්වාභාවික අනතුරු සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාත්මක වන අකාරය සම්බන්ධයෙන් මුස්ලිම් ප්‍රජාව සිය අප්‍රසාදය පලකරනවා.

විජේරාමයේ නාවින්න පාරේ පිහිටි නාවින්න රෙක්සීන් සෙන්ටර් වෙළෙඳ ව්‍යාපාරයට 22 සඳුදා පාන්දර ගිනි තබා ඇති බව එම ව්‍යාපාරයේ හිමිකරු මිරිහාන පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබුනද අදාළ පරික්ෂණ කටයුතු සිදු කිරිමට වෙනුවට පොලිසිය විවිධ තර්ක ඉදිරිපත් කරමින් සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ දියාරු කරන බවයි ව්‍යාපාරයේ හිමිකරු අනාවරණය කළේ.

ව්‍යාපාරයේ හිමිකරු මොහොමඩ් ඉම්ටියාස් පොලිසියට කියා ඇත්තේ මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක් මිස හදිසි අනතුරක් නොවන බවයි.

මේ අතර පසුගිය සෙනසුරාදා (20) කුරුණෑගල මුස්ලිම් පල්ලියකට සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් පොලීසිය හා STF ඒකාබද්ධව කුරුණෑගල, බඩගමුව මූකලානේදී කොටු කරන ලද බොදුබල සේනාවේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇත්තේ පොලිස්සියේ ඉහල නිලධාරියෙකුගේ මැදිහත්වීම නිසා බවටද පොලිසියට චොදනා එල්ල වි තිබේ.

මේ අතර රට අරාජික කිරීමට වීරිය කරන අන්තවාදීන් පිරිසක් මෙහෙයවන මෙම ප්‍රහාර සම්බන්ධයෙන් කලබලයට පත් නොවී කල්පනාකාරීව කටයුතු කරන ලෙස තමන් මුස්ලිම් ප්‍රජාවගෙන් ඉල්ලලා සිටින බව ශ්‍රී ලංකා මුස්ලිම් මණ්ඩලයේ සභාපති එම් එන් එම් අමීන් සමස්ත ශ්‍රී ලාංකිකයන්ගෙන්ම ඉල්ලා සිටි.

දින කිහිපයක් තුල එල්ල වු තර්ජන ………..

අම්පාර කච්චේරිය ඉදිරිපිට අස්වර් හෝටලයටද සඳුදා පාන්දර පහරදී අලාභහානි කිරිම

ඉරිදා අලුයම කුරුණෑගල මල්ලවපිටිය ජුම්මා මුස්ලිම් පල්ලියට පෙට්‍රෝල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරිම

ගාල්ලේ ඉස්ලාම් සාන්තුවරයකුගේ සුසානය විනාශ කිරිම සහ , ඇල්පිටිය, පානදුර, අකුරැස්ස ඇතුළු ප්‍රදේශවල මුස්ලිම් දේවස්ථාන සහ කඩ සාප්පු කිහිපයකට ද පසුගිය සති කිහිපය තුළ ප්‍රහාර එල්ල වීම.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*