සෞදියේ සිර කරගෙන සිටින බව කියන කාන්තාව ගැන තානාපති කාර්යාලය හරහා පරික්ෂණයක්


SOUDI

වකුගඩුව ලබාදෙනතුරු මෙරටට පැමිණීමට ඉඩ ලබානොදී සෞදියේ සිර කරගෙන සිටින කාන්තාවක් පිළිබඳව මාධ්‍ය හරහා සිදුකළ අනාවරණය සම්බන්ධයෙන් විදේශ රැකියා අමාත්‍යාංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේනවා.ඒ අනුව සෞදි තානාපති කාර්යාලය හරහා අදාළ පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල සඳහන් කළා.

තම මව, ගෙන්වා දෙන ලෙස ඇගේ කුඩා දියණියන් තුන්දෙනා රජයෙන් ඉල්ලීමක් කර ඇති අතර ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ දී අදාළ කාන්තාව ගෙන්වා ගැනීමට කටයුතු කරන බව විදේශ රැකියා අමාත්‍යාංශය සදහන් කළා.

දඹුල්ල – කණ්ඩලම පාර ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි ඩබ්ලිව්.ඩබ්ලිව්. ඉන්ද්‍රකාන්ති තම දරුවන් තුන්දෙනා හදා වඩා ගැනීම සඳහා සෞදිගේ ගෘහ සේවයට ගොස් ඇත්තේ මීට වසර දෙකකට පමණ පෙර වන අතර දරුවන්ගේ පියා වෙනත් විවාහයක් සිදුකරගෙන ඇති අතර, ඔවුන් රැක බලා ගනු ලබන්නේ මිත්තණිය සහ ඥාති කාන්තාවක් විසින් බවද අනාවරණය වි තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*