කුමණ චෝදනා සහ විවේචන කලත් විපතට පත් ජනතාවට උපරිම සහන දෙනවා


MS_MAHAWALI

කුමන ආකාරයේ චෝදනා සහ විවේචන එල්ල කළ ද විපතට පත් ජනතාවට උපරිම සහන සැලසීමට රජය කැපවී සිටින බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

නව මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කෙරුණු අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (31) පෙරවරුවේ මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ දී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළ අතර එම අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළා.

හදිසි ආපදා තත්ත්වයෙන් විනාශයට පත් සියලු යටිතල පහසුකම් නැවත ගොඩනඟමින් ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමට ගත හැකි සෑම කි‍්‍රයාමාර්ගයක්ම ගන්නා බවත් එම වැඩපිළිවෙළ වෙනුවෙන් තමන්ගේ වෘත්තීය සීමාවන්ගෙන් එපිටට ගොස් ආරක්ෂක හමුදා සහ පොලිස් සාමාජිකයින් මෙන්ම රාජ්‍ය සේවයේ සියලුදෙනා ඉටුකරන මෙහෙවර ද කෘතවේදීව ඇගයීමට ලක්කිරිමට ජනාධිපතිවරයා කටයුතු කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*