ශක්තිමත්ම ආර්ථිකයක් ගොඩනගාගත හැකි සාධක පවතින රට ශී‍්‍ර ලංකාව


FDI

දූපත් රාජ්‍ය 27 ක ආර්ථිකයන් අලළා එක්සත් රාජධානියේ fDI සඟරාව විසින් සිදුකරන ලද ගවේෂණයකට අනුව ඉදිරි අනාගතයේදී වඩාත් ශක්තිමත්ම ආර්ථිකයක් ගොඩනගාගත හැකි සාධක පවතින රට ශී‍්‍ර ලංකාව බවට නිවේදනය කෙරේ.ඒ අනුව ඉදිරියේදී දූපත් රාජ්‍ය අතරින් ආයෝජන සඳහා සුදුසුම රට ශී‍්‍ර ලංකාව බවද සඟරාව පෙන්වා දෙයි.

මෙරට ආයෝජන අවස්ථා ලොවට පෙන්වන ශී‍්‍ර ලංකා ආයෝජන සහ ව්‍යාපාරික සමුළුව 2017 ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (30) පස්වරුවේ කොළඹ සිනමන් ග‍්‍රෑන්ඩ් හෝටලයේදී ආරම්භ කෙරුණු අතර එහිදී මීට අදාළ සහතිකය එක්සත් රාජධානියේ fDI සඟරාවේ උප කර්තෘ Jacopo Dettoni මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිරිනැමීය.

අනතුරුව ජනාධිපතිතුමා විසින් එම සහතිකය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත භාරදෙනු ලැබීය.

ශී‍්‍ර ලංකා වාණිජ මණ්ඩලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ශී‍්‍ර ලංකා ආයෝජන සහ වෙළෙඳ සමුළුව රටවල් 23 ක විදේශ ආයෝජකයින් 130 දෙනෙකුට වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් දෙදිනක් පුරා කොළඹදී පැවැත්වෙයි.

අපනයන, නිෂ්පාදන, කෘෂිකර්ම, යටිතල පහසුකම් සංවර්ධනය, අපනයන සේවා, දේශීය දැනුම් සේවා, විදුලිබල හා බලශක්ති හා සංචාරක ක්ෂේත‍්‍ර පිළිබඳ මෙහිදී ප‍්‍රමුඛ අවධානයක් යොමු කෙරෙන අතර ප‍්‍රමුඛ පෙළේ ශී‍්‍ර ලාංකික සමාගම් නියෝජනය කරන ව්‍යාපාරික විධායකයින් සමග මෙන්ම ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරින් සමග සාකච්ඡා පැවැත්වීමට මෙම සමුළුවේදී විදේශීය ආයෝජකයින්ට අවස්ථාව උදා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*