නායයෑමේ දැඩි අවධානමක් යන්න කිව්වාම ගමිවාසින් එම ඉල්ලිම ප‍්‍රතික්ෂේප කරලා


NAYA

හැටන් පොලිස් වසමට අයත් හැටන් සමනළගම ප‍්‍රදේශයේ පවුල් දොළහකට නායයෑෙමි දැඩි අවධානමක් හේතුවෙන් තමන් පදිංචි නිවාස වලින් ඉවත් වන ලෙස හැටන් පොලිසියෙන් කළ දැනුමි දිමත් එම ගමිවාසින් විසින් ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් එම ගමිමානයේ නිවාස දොළහක් නායයෑෙමි අවධානමකට ලක්වි ඇති බව මිට වසර ගණනාවකට ප‍්‍රථම හදුනා ගෙන ඇති අතර පැය විසිහතරක් ඇතුලත මිලිමීටර් එකසිය විසිපහකට වඩා වර්ෂා පතනයක් එම ප‍්‍රදේශයට පතිත වුවහොත් ඉන් ඉවත් වන ලෙස දැනුමි දි එම ප‍්‍රදේශයේ වර්ෂා මානයක්ද සවිකර තිබෙනවා.

එම ප‍්‍රදේශයට පසුගිය දිනවල මීලිමීටර් එකසිය දහයක වර්ෂා පතනයක් සමගම එම අවධානමි පවුල් දොළහට හැටන් ඩන්බාර් කි‍්‍රඩාංගණයේ කි‍්‍රඩා මන්ඩපයට හෝ හැටන් දුමිරිය ස්ථානයේ දැනට වසා දමා ඇති සේවක නිල නිවාස වලට යන ලෙස පොලිසිය නිළධාරින් තමන් වෙත දැනුමි දුන් බවයි ප‍්‍රදේශවාසින් පවසන්නේ. සමනළගම ප‍්‍රදේශවාසින් අවධාරණය කර සිටින්නේ වසර පහක් තිස්සේ තමන් මෙම අවධානමට ලක්වි ඇති බවත් මෙතෙක් ස්ථිර විසදුමක් ලබා දිමට රජයේ නිළධාරින් කිසිදු පියවරක් ගෙන නොමැති බවයි. තමන්ට හැටන් ප‍්‍රදේශයේ වසා දමා ඇති රජයේ පහසුකමි සහිත නිළ නිවාසයක් හෝ තමන්ට ස්ථිර විසදුමක් ලබා දෙන තෙක් කුලි පදනම මත නිවසක් ලබා ගැනිමට අවශ්‍ය කුලි මුදල ගෙවන ලෙසයි. එතෙක් තමන් පදිංචි නිවාස වලින් තම දරු පවුලද රැගෙන තාවකාලික ස්ථානවලට ගොස් ජිවත් විමට නොහැකි බවද සමනළගම ප‍්‍රදේශවාසින් අවධාරණය කර සිටිනවා.

හැටන් රංජිත් රාජපක්ෂ

SAMANALA (1) SAMANALA (2) SAMANALA (3) SAMANALA (4) SAMANALA (5) SAMANALA (6) SAMANALA (7)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*