ලන්ඩන් නුවර ප්‍රහාර ගැන පුලුල් පරික්ෂණ


LONMDA

සෙනසුරාදා (3) රාත්‍රීයේදී බ්‍රිතාන්‍යයේ මධ්‍යම ලන්ඩනයේ, ‘ලන්ඩන් පාලම’ අසලත් ‘බරොව් මාර්කට්’ ආසන්නයේත් සිදුවු ප්‍රහාර දෙක සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණයක් ආරම්භ කර තිබේන බව බ්‍රිතාන්‍යයේ මාධ්‍ය වාර්තා කරනවා.ප්‍රහාර හේතුවෙන් හතක් දෙනෙකු ජිවිතක්ෂයට ලක්ව තවත් 48 දෙනෙකු තුවාල ලබා තිබේනවා.

ප්‍රහාරය ස‍ඳහා තිදෙනකු පැමිණ ඇතැයි දැනට වාර්තා වි ඇති අතර ලන්ඩන් පාලම මත සිටි මිනිසුන් වෙත වෑන් රථයක් කඩා වැදී ඔවුන් යට කර ඇතැයි ද වෙඩි තැබීම් සිදුවීම් සහ පිහි ප්‍රහාර එල්ල කළ බවට ද තොරතුරු වාර්තා කර තිබේ.

මීට සති දෙකකට අඩු කාලයකදී මැන්චෙස්ටර් වෙත එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 22 දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මැන්චෙස්ටර් එරීනා හි පැවැති ඇමෙරිකා ගායිකා අරියානා ග්‍රාන්ඩේ ගේ ප්‍රසංගයක් අවසානයේ එම බෝම්බය පුපුරා ගිය අතර කිසිවකුත් එහි වගකීම බාරගන්නා බව ප්‍රකාශ කර නොතිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*