මිනීමැරුමක් කල බාලවයස්කාරයෙකු ගැන ජනාධිපතිවරයාට ඉල්ලීමක්


Arrest_07_11

බාලවයස්කාරයෙකුව සිටියදී කළ මිනීමැරුමක් සම්බන්ධයෙන් යාපනය මහාධිකරණයෙන් මරණ දඬුවම් පනවා ඇති ළමයා සම්බන්ධයෙන් නිවැරදි තීරණයක් ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන ලෙස අභියාචනාධිකරණය බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියම කර තිබේ.

බාලවයස්කාරයෙකුව සිටියදී සිදුකළ මිනීමැරුමක් සම්බන්ධයෙන් මරණ දඩුවම දීමට හැකියාවක් නොමැති බව දණ්ඩ නීතී සංග‍්‍රහයේ 53 වැනි වගන්තියේ සඳහන්ව ඇති බව පවසමින් නීතීඥ නිමල් මුතුකුමාරණ මහතා කළ ඉල්ලීමක් පිළිගත් අභියාචනාධිකරණය එම නියෝගය කර තිබේ.

අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන දීපාලී විජේසුන්දර සහ ලලිත් ජයසුරිය යන විනිසුරු මඩුල්ලක් එම නියෝගය ලබා දුන් අතර මීනීමැරුමකට වරදකරුවකුව දැනට බන්ධනාගාරයේ රඳවා සිටින පොන්නම්බලම් කෝනේෂ්වරන් නමැත්තා සම්බන්ධයෙන් නිවැරදි තීරණයක් ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන ලෙසද අභියාචනාධිකරණය බන්ධනාගාර දෙපාර්තමෙනතුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියම කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*