ක්‍රීඩා ඇමති ආසියානු මළල ක්‍රීඩා උළෙල සඳහා සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි


DAYASIRI

ක්‍රීඩා අමාත්‍ය්‍ය දයාසිරි ජයසේකර මහතා ආසියානු මළල ක්‍රීඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) දින හමුවිය. ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායම මේවන විට කොළඹ 07 ටොරින්ටන් ක්‍රීඩාංගනයේ පුහුණුවීම් ආරම්භ කර ඇති අතර උදෑසන පුහුණු සැසිය අතරතුරදී මෙම හමුව සිදුවිය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුකරුවන් ඇතුළු සෙසු නිලධාරීන් ද මෙම හමුව සඳහා සහභාගි විය. එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් මුහුණු දෙන ගැටළු ඍජුවම අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව උදාවිය. ආහාර පාන, පෝෂණ දීමනා ආදී ප්‍රශ්න එහිදි අමාත්‍යවරයා වෙත ඉදිරිපත් වූ අතර අමාත්‍යවරයා විසින් ඒ මොහොතේදීම අදාළ නිලධාරීන් සම්බන්ධ කරගෙන එම ගැටළු නිරාකාරණයට අවශ්‍ය පියවර ගනු ලැබීය.

ජුලි මස 06 වනදා සිට 09 වන දක්වා ඉන්දියාවේ බුබනේෂ්වර් ක්‍රීඩාංගණයේ මෙම තරගාවලිය පැවැත්වීමට නියමිත අතර ජුනි මස අග ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.

520A1002 520A1014 520A1023 520A1027

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*