අන්තවාදය පිටුපස බොදුබලසේනා සිටින බව පැහැදිලියි


Priyantha_18_06_2017

පසුගිය සමයේ සිදු වූ අන්තවාදී සිදුවීම් සහ ක්‍රියාවන් විශ්ලේෂණයේදි බොදු බල සේනා සංවිධානයේ ක්‍රියාකාරීන් එම සිදුවීම් පසුපස සිටින බව අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත ජයකොඩි මහතා ප්‍රකාශ කරනවා.

පොලිස් අධිකාරිවරයා මේ බව ප්‍රකාශ කළේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.

“බොදු බල සේනා සංවිධානයට සම්බන්ධ ලිපිද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්තඩංගුවට ගෙන තිබෙනවා. හැම සිදුවීමක්ම විශ්ලේෂණයේදී අපට පැහැදිලි වන්නේ මෙම සිදුවීම් පිටුපස බොදු බල සේනා සංවිධානයේ ක්‍රියාකාරින් මේ පිටුපස සිටින බව. ජාතින් හා ආගම් අතර විරසක පිළිබඳව සිදුවීම් වලට සම්බන්ධ පුද්ගලයින් 14 දෙනෙකු අත්තඩංගුවට ගෙන තිබෙනවා. මුස්ලිම් ජාතිකයින් 2, ද්‍රවිඩ ජාතිකයෙක් හා සිංහල ජාතිකයින් 11 දෙනෙකු ඒ අතර ඉන්නවා. ස්වාමින්වහන්සේ නමක් හා පොලිස් නිලධාරියෙක්ද අර සිංහල 11 දෙනාට ඇතුලත්,” මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී අනාවරණය කර සිටියා.

එමෙන්ම සමාජ ජාලා වෙබ් අඩවි මගින් ජාතිවාදය පතුරුවන පුද්ගලයන් සොයා සමාජ ජාලා වෙබ් අඩවි නියාමනය කිරීමටද විශේෂ කණ්ඩායමක් යොදවා ඇති බවත් ජයකොඩි මහතා වැඩිදුරටත් පවසා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*