ආණ්ඩුව අර අදින්නේ පොලිස් රාජ්‍යයක් හදන්නයි!


MR_TANGALL

 වත්මන් ආණ්ඩුව පොලිස් රාජ්‍යයක් නිර්මාණය කිරීමට කටයුතු කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චෝදනා කරනවා.

අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ ජනතාවට සැකයක්  ඇති වී ඇති බවත් එයට හේතු වී ඇත්තේ අධිකරණය යම් යම් දේශපාලන තීරණ ගැනීම නිසා බවත් ඔහු සඳහන් කළා.

අද වන විට වැඩියෙන්ම ගුටි කන්නේ භික්ෂූන් වහන්සේලා සහ රණවිරුවන් බවත් මේ වන විට භික්ෂුන් වහන්සේලා 40 ගණනක් රිමාන්ඩ් කර ඇති බවත් පැවසු හිටපු ජනාධිපතිවරයා තම ආගම ඇදහීමට සියළු දෙනාට එක හා සමාන අයිතියක් ඇති විය යුතු බවත් ප්‍රකාශ කළා.

හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අගුණුකොළපැලැස්ස ප්‍රදේශයේදී පැවති ජන හමුවකදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*