ඕනෑම අභියෝගයකට මුහුණ දී රජය මුස්ලිම් ජනතාව ආරක්ෂා කරනවා


Rajitha-Ifthar_19_06_2017

වත්මන් රජය යටතේ මුස්ලිම් ජනතාවට එරෙහිව කවුරු ක්‍රීයා කළත් එම අභියෝගවලට මුහුණ දී රජය ඔවුන් ආරක්ෂා කරන බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසා සිටිනවා.

කොහිලවත්ත අල් ඉබ්‍රායිම් ජුම්මා මුස්ලිම් දේවස්ථානයේ ඉෆ්තාර් උත්සවයට සහභාගි වෙමින් ඇමතිවරයා  මේ බව සඳහන් කළා.

“පසුගිය කාලයේ දී මුස්ලිම් ජනතාව විරසකයට පත් වුනා. තමන් අදහන ආගමට ගරුත්වයක් ලබාදෙනවා මෙන් අනෙක් ආගම් වලට ද ගරු කළ යුතුයි. මුස්ලිම් ජනතාවට ප්‍රශ්න තිබෙන්න පුළුවන්. මුස්ලිම් ජනතාව වෙනුවෙන් පෙනී සිට මම ඊට වඩා ප්‍රශ්ණනවලට මුහුණ දුන්නා. බේරුවල ප්‍රදේශයේ මා විසින් ගොඩනගන ලද ජාතීන් අතර සමගිය කාලකණ්නි පිරිසක් විසින් විනාශ කළා. ඔවුන්ට අවශ්‍ය ගොඩනැගිලි හදා දුන්නත්, හිත හදා දෙන්න බැරි වුනා. එම සිද්ධියෙන් කී දෙනෙක් අන්තවාදී වුනා ද කියලා මම දන්නේ නැහැ. එවැනි සිදුවීම් ඉදිරියේ දි ඇති වෙන්න ඉඩ දෙන්නේ නැහැ,” ඇමතිවරයා මෙහිදි සඳහන් කර සිටියා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*